මුහුදු මාර්ගය ඔස්සේ නීති විරෝධී ලෙස තීරුබදු නොගෙවා මෙරටට රැගෙන ආ බීඩිකොළ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්‍ය බලකාය විසින් අත්අඩංගුවටගත් බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දුන්ගල්පිටිය පොලිස් වසමේ තලාහේන , මීගමුව ප්‍රදේශයේ පිහිටි නිවසක පිටුපස වගුරුබිම් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් අනතුරුව බව සඳහන් වේ.
බීඩි නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බිඩි කොළ කිලෝ ග්‍රෑම් 531 ග්‍රෑම් 800 ක් සොයා ගෙන ඇති අතර මීට අමතරව බාස්මතී හාල් කිලෝ ග්‍රෑම් 90ක් , බෝට්ටුවක් , අශ්වබල 40 මෝටර් බෝට්ටු ඇන්ජිමක් පොලිස් විශේෂ බලකා නිලධාරීන්ගේ භාරයට ගෙන තිබේ.
සැකකරුවන් මැදපිටිවන , මීගමුව සහ දුන්ගල්පිටිය , තලාහේන ප්‍රදේශවල පදිංචි අවුරුදු 29 ක්සහ අවුරුදු 44 ක් වන පුද්ගලයින් දෙදෙනෙක් වන අතර මොවුන් වැඩි දුර පරීක්ෂණ සඳහා දුන්ගල්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව වාර්තා වේ.














































