අමෙරිකාවේ නෙවාඩා හි රෙනෝ නගරයේ පැවති ජාතික ශූරතා ගුවන් ධාවන තරගයේ දී සිදුවු අනතුරකින් ගුවන් නියමුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
ගුවන් තරගය අතරතුර යානා දෙකක් ගොඩබෑමට යාමේදී ඒවා එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
අනතුර සම්බන්ධයෙන් එරට ජාතික ගමනාගමන ආරක්ෂණ මණ්ඩලය, ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය සහ පළාත් පාලන ආයතනය එක්ව පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බවට විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.















































