ඉඟිනියාගල පොල්වත්ත මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවියන් දෙදෙනෙකු අතුරුදන් වීමක් සම්බන්ධයෙන් ඉඟිනියාගල පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.
මෙලෙස අතුරුදන් වී සිටින සිසුවියන් දෙදෙනා සමීපව ඇසුරු කරන ලද සිසුවියන් දෙදෙනෙක් බව සදහන්.
වාර්තා වන ආකාරයට මෙලෙස අතුරුදන්ව ඇත්තේ ඉඟිනියාගල පොල්වත්ත ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි බී.ජී.අශානි වශ්මිකා සහ එෆ්.ආර්.පවීෂා නෙත්මිණි නැමැති සිසුවියන් දෙදෙනෙකි.
පසුගිය 15 වනදින පවීෂා පාසලට යන බව ඇයගේ දෙමව්පියන්ට පවසා අශානිගේ නිවසට පැමිණ තිබිණි.පසුව අශානි , පවීෂා ද සමඟින් උපකාරක පන්තියකට යන බව පවසා නිවසින් පිටව ගොස් තිබේ.
අශානිගේ පියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත වන අතර මව ඇය කුඩා කාලයේ දීම අතහැර ගොස් තිබේ. අශානි ජීවත්ව ඇත්තේ ඇගේ මිත්තණිය සමඟ බව සඳහන් වේ.
මෙලෙස නිවසින් පිටව ගිය සිසුවියන් දෙදෙනා නැවත නිවස වෙත නොපැමිණීම හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් ඉඟිනියාගල පොලිස් ස්ථානය වෙත ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.මෙම සිසුවියන් දෙදෙනා නිවසින් පිටත් වූ දිනයේ සහ ඊට පසු දිනයේ දී ඔවුන්ගේ මිතුරෙකුට දුරකථන ඇමතුමක් ගෙන ඇති අතර මෙම සිසුවියන් දෙදෙනා කොළඹ ප්‍රදේශයේ සිටින බව එම මිතුරාට ප්‍රකාශ කර ඇති බව සඳහන්.
අදාළ සිසුවාද පොලිසිය වෙත කැඳවා ප්‍රශ්න කර ඇති අතර මෙම සිසුවියන් දෙදෙනා අතුරුදන් වීම සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණය කරගෙන නොමැත.සියලු පොලිස් ස්ථානවල සහයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවත් , මෙම සිසුවියන් සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් වෙතොත් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන බවත් ඉඟිනියාගල පොලිසිය ප්‍රකාශ කර තිබේ.















































