මන්නාරම තෝට්ටවේලි ප්‍රදේශයේදී මත්පෙති සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මන්නාරම විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මත්පෙති 62ක් සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
සැකකරුවන් අවුරුදු 27 හා 30 යන වයස්වල පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.
අත්අඩංගුවට ගත් දෙදෙනා සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.














































