මිනුවන්ගොඩ ප්‍රදේශයේ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අයිස් මත්ද්‍රව්‍ය සහ ජීව අත් බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
මින් එක් සැකකරුවෙක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6 මිලිග්‍රෑම් 750 ක් සහ යතුරුපැදියක් සමඟ අත්අඩංගුවට ගත් පසුව එදිනම ජා ඇල ප්‍රදේශයේ දී අනෙක් සැකකරු විදේශ රටක නිෂ්පාදිත අත් බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රුපියල් 92,000ක් සොරකම් කිරීම , වෙළඳසැල් වලින් මුදල් සහ දේපළ සොරකම් කිරීම ආදී සිද්ධීන් වලට අවශ්‍යව සිටි දෙදෙනෙක් වන අතර මොවුන් සොරා ගන්නා ලද දේපළ වලින් කොටසක් පොලිසිය විසින් සොයා ගත් බව සඳහන්.














































