මංගල එළිය , නුග සෙවණ ගම ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි නිවුන් දැරියන් දෙදෙනෙක් අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා මුන්දලම පොලිසිය විමර්ශන කටයුතු සිදු කරන බව වාර්තා වේ .
ඊයේ (25) දින සිට මෙම දැරියන් දෙදෙනා අතුරුදන්ව ඇති බවට ඔවුන්ගේ දෙමව්පියන් විසින් මුන්දලම පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ .














































