කිරින්ද මුහුදේ වෙරළ අයිනේ ගලක් මත වාඩි වී කතාබස් කරමින් සිටි පස් දෙනෙකුගෙන් තරුණියන් තිදෙනෙකු එකවර ආ විශාල රළකට ගසා ගෙන ගොස් ඇති අතර එම තරුණියන් තිදෙනාගෙන් එක් තරුණියක් බේරාගත් බව වාර්තා වේ.
අනෙක් තරුණියන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ සිරුර සොයා ගෙන ඇති අතර අනෙක් තරුණියගේ සිරුර තවමත් අතුරුදන් බව සඳහන් වේ.මුහුදේ පවතින තද රළු ස්වභාවය හේතුවෙන් අතුරුදන් වූ එම තරුණියගේ සිරුර සොයා ගැනීම අපහසු වී ඇති බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරන ලදී.
මෙම තරුණියන් බිබිල ප්‍රදේශයේ සිට පැමිණි තරුණියන් පිරිසක් බව සඳහන්.














































