විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන්ගේ වෘත්තීය සම්මේලනය හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (18) පස්වරුවේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
මෙම සාකච්ඡාව සඳහා සිය වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිතයින් දොළොස් දෙනෙකු සහභාගී වන බව විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන්ගේ සමිති සම්මේලනය සඳහන් කර තිබේ.
එමෙන්ම මෙම සාකච්ඡාවේ දී බදු ප්‍රතිපත්ති සංශෝදනය සම්බන්ධයෙන් සහ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මතුව ඇති ගැටළු පිළිබඳව ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමට නියමිත බවත් එම සම්මේලනයේ සභාපති මහාචාර්‍ය බී.එච්.එස්.කේ.බන්නැහැක සඳහන් කළ බව වාර්තා වේ.













































