අද (18) අලුයම මාරවිල මැදගොඩ අගුලාන ප්‍රදේශයේ දී එක්සත් ජාතික පක්ෂයේ හා ජාතික ජනබල වේගයේ මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන දෙදෙනකු අතර ගැටුමක් ඇතිවී එක් අයකු රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.
රෝහල් ගත කොට ඇත්තේ ජාතික ජනබල වේගයේ අපේක්ෂකයා බව පැවසේ.
මොහුන් දෙදෙනා උඩුබද්දාව ප්‍රාදේශීය සභාවට තරග වදින අපේක්ෂකයන් දෙදෙනකු බවයි සදහන් වන්නේ.
වාර්තා වන ආකාරයට දෙදෙනා අතර පෙර සිට ඇතිව ඇති ආරවුලක් මත මෙම ගැටුම හටගෙන තිබේ.
සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිම අයෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව වාර්තා වේ.














































