තනි රෝදයෙන් සහ අධික වේගයෙන් අනාරක්ෂිත අයුරින් යතුරුපැදි පදවමින් සිටි තරුණයින් සිවිදෙනෙකු ඊයේ (1) පස්වරුවේ අත්අඩංගුවට ගත් බවට වාර්තා වේ.
පිළියන්දල ,බෝකුන්දර,මැද්දෝවිට ප්‍රදේශයේ තරුණයින් පිරිසක් මෙලෙස අනාරක්ෂිත ලෙස යතුරුපැදි පදවන බවට 119 හදිසි ඇමතුම් ඒකකය හරහා ලැබුණු තොරතුරක් අනුව එම ස්ථානය වටලා අවුරුදු 18-20 ත් අතර පසුවන සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතු යතුරුපැදිද පොලිස් භාරයට ගෙන තිබේ.
එම ස්ථානය වටලන අවස්ථාවේදී තරුණයින් පිරිසක් යතුරුපැදිවලින් පළා ගොස් තිබේ.
සැකකාර තරුණයන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.














































