English
සිංහල
21:42 බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 23, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    දෙනුවර නැවතුම කෘති එළිදැක්වීම හෙට(29).

    publisher 1 by publisher 1
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ගැහැණිය සතු අපමණ ඉවසීම , ධෛර්යය හා මානුෂීය බව ලෝකය නිවැරදි කිරීමේ ශක්තිය හා ආත්ම විශ්වාසය සමඟ ලියවී තිබෙන යුද්ධය පිළිබඳව ලියැවුණු ඓතිහාසික හා ප්‍රේමණීය යතාර්ථවාදී කදුළු කතාව වන නීතිවේදිනී ටිකිරි සුභාෂිණී විෆ්ලර්ගේ විසින් රචිත දෙනුවර නැවතුම දෙවන හා තුන් වන කෘතිය 2023.08.29 වන දින පස්වරු 2.00 සිට 5.00 දක්වා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ජනගත කිරීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කෙරෙමින් පවතීයි.

    දෙනුවර නැවතුම නවකථාව හෙවත් සිද්ධිමය ආඛ්‍යාන ත්‍රිත්වය රචනා කරනු ලබන්නේ සුභාෂිණි විප්ෆ්ලර් ලේඛිකාවයි. ඇය නීතීඥවරියක්ද වේ. ටිකිරි සුභාෂිණි විප්ෆ්ලර් යනුවෙන් ලේඛණයෙහි හා සමාජ මාධ්‍යන්හි ප්‍රසිද්ධ ඇය තම ලාංකීය ජීවිතයේදී ලද අත්දැකීම් අනුව පළමු පොත 2020 වර්ෂයේ අගභාගයේ දී ජර්මනියේ සිට රචනා කරයි. දෙනුවර නැවතුම පළමු කොටස ජනගත වන්නේ 2021 වර්ෂයේ ජනවාරි මාසයේදීය. දෙවන හා තුන් වන කොටස් එළඹෙන 29 දින  මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී ජනගත කිරීමට නියමිතව තිබේ.

    එම කතා ත්‍රිත්වය ගැන අපගේ අවධානය යොමු වුයේ විශේෂයෙන්ම ලංකාවේ වසර තිහක් පැවති වාර්ගික අර්බුදය හා සිවිල් යුද්ධය ගැන සත්‍ය අත්දැකීම් හා කරුණු සහිතව රචනා වූ පොත්පත් හිඟ බැවිනි. නැතහොත් ලියැවී ඇති පොත් කිහිපය ඒක පාර්ශ්වික වීර කාව්‍යයන් බැවිනි. ඒවායෙන් ඒ දශක තුනේ සැබෑ මානව අත්දැකීම් හා සමාජ කම්පනය රචනා වී නැත. දෙනුවර නැවතුම පළමු කෘතිය කියවූ අපට ඒ කෘතියේ සත්‍ය හා නිර්ව්‍යාජ කතාන්තරය ඒ යුගයේ සමාජ ,ආර්ථික හා දේශපාලනික කරුණු වලින් යුක්ත සමාජ ඛේදවාචකය ලියවෙමින් තිබුණේ දෙනුවර නැවතුම කෘති තුළ බවට පුර්ව සාක්ෂි සපයා තිබුණි.

    1994 -2000  වර්ෂ වලදී ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය හා  ඊලාම් යුද්ධය ක්‍රියාත්මක වෙමින් පැවතුනී. කතුවරිය වවුනියාව නගරයේ වසර කිහිපයක් ජීවත් වෙමින් ලද අත්දැකීම් අපූරු ප්‍රේම වෘතාන්තයක් මඟින් ප්‍රති නිර්මාණය කරයි. දමිළ වෛද්‍යවරියක හා සිංහල පොලිස් පරීක්ෂකවරයෙක් අතර ඇතිවන ප්‍රේමවෘතාන්තය ඒ කාලයේ පැවැති දේශපාලන,ආර්ථික හා නීතිමය හේතූන් තුළ අවසන් වන්නේ ශෝකාන්තයක් ලෙසිනි. කතුවරිය ප්‍රේමය,ජාතීන් අතර ඇති අනවබෝධය හා නීතියේ අවභාවිතය,ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අවභාවිතය හා ඒ නිසාම කැඩී බිඳී විසිරී යන ආදරණිය යුවලක්, මෙන්ම දරුවකු ප්‍රස්තුතය කරගෙන යුද්ධ කාලයේ පැවතී සියළු අසාධාරණකම් ඉතා සියුම්ව පළමු කෘතියෙන් කථා බහ කරයි.එම පොතේ පාඨකයන් දෙවෙනි තුන්වෙනි කොටස් නිකුත්  වන තුරු අපේක්ෂා සහගතව බලා සිටින බව සමාජ මාධ්‍යවල පලවන සටහන් වලින් වටහා ගත හැකිය.

    ලේඛිකාව සමඟ කළ සංවාදයකින් පසු දෙවෙනි  හා තුන් වෙනි කෘතිය ගැන අදහසක් ලබා ගැනීමට අපට හැකි විය. ශෝකාන්තයකින් කෙළවර වන පළමු කෘතියේ චරිත දෙවෙනි කෘතිය තුළදී තම බිඳී විසිරි ගිය ජිවිත නැවත එකතු කරගන්නට දරන අපරිමිත උත්සාහයන් හා සියල්ල අතහැර දමා සරණාගතයන් ලෙස විදේශගත වන ආකාරයත් වෘත්තීන් අතහැර ගොස් විදේශයකදී ලබන අපුර්ව හා දුෂ්කර  ජීවිත අත්දැකීම් සම්භාරයක් පළමු කෘතියේ මෙන්ම සරල සුගම සංවාද හරහා ඉදිරිපත් කරයි.ඒ කතාන්තරය පුරාවටම ලංකාවේ යුද්ධය,එහි වින්දිතයන් හා රට හැර දමා ගිය දමිළ ප්‍රජාවගේ සත්‍ය අත්දැකීම් සනිටුහන් වෙයි.කැපකිරීම් හා ඉවසීම් මෙන්ම 1983 කළු ජූලියෙන් පසු දමිළ තරුණ ප්‍රජාවගේ ජීවිත වල හැල හැප්පීම් සානුකම්පිත හා මධ්‍යස්ථ කෝණයකින් කතුවරිය පළමු කෘතියේ මෙන්ම අඩංගු කිරීමට උත්සාහ කර ඇත.මේ කාලය 2000-වර්ෂය හා 2007 වර්ෂ අතර කාලය පදනම් කරගෙන රටින් පිට  යුද්ධය සම්බන්ධ විදේශ අත්දැකීම් අපූරුවට විදහා දක්වා ඇත.

    තුන් වෙනි කෘතිය ලියවෙන්නේ 2009 සිට 2015 දක්වා යුද්ධය අවසාන වීම හා ඒ අවසානය දක්වා යන ගමනේදී පළමු හා දෙවන කොටසේදී හමුවන ඇතැම් මිනිසුන්ගේ ජිවිත අවසානය ගැනය.අනෙක් අතින් පළමු කෘතියේ ඇති ජාතිවාදය හා අනවබෝධය තුරන් වී කාලයත් සමඟ ඇතිවන පවුලේ ගැටුම් හා බැඳීම් ගැනය.පළමු කෘතියේ ඇතැම් සිද්ධීන් වලට පාදක වන පුද්ගලයන් තුන්වෙනි කෘතියේදී නැවත ආගමනය වෙයි.ප්‍රේමය හා වෘත්තීය සාර්ථකත්වය , පවුල් ජීවිත වල අනවබෝධයන් හා ගැටුම් මේ සියල්ල  ලංකාව තුළ බහුල  වූ යුධ මරණය තුන්වෙනි කෘතිය තුළ ලියවී ඇත.

    පළමු කෘතිය ලංකාව තුළ ලියවෙන අතර දෙවෙනි හා තුන් වැනි කෘතීන් යුරෝපය හා ශ්‍රී ලංකාව  මෙන්ම ඉන්දියාව අතර සිද්ධීන් ,අනු චරිත හා අනු කථාන්තර වලින් සමන්විතය. යුරෝපයේ සැබෑ අත්දැකීම් ,ජය ලැබීම,පරාජයන් හා පවුල් ජීවීත වල බිඳීම් මේ සියල්ල ඉතා සාර්ථක ලෙස කෘතීන් තුන තුළම ශ්‍රී ලංකාවේ දශක තුනක් පැවතී සිවිල් යුද්ධය හා එහි බලපෑම් වල  ලෝක ව්‍යාප්තිය මැනවින් කරුණු සහිතව ලියවී ඇත.

    නව කථා ත්‍රිත්වය තුළම ගැහැණිය සතු අපමණ ඉවසීම,ධෛර්යය හා මානුෂිය බව ලෝකය නිවැරදි කිරීමේ ශක්තිය හා ආත්ම විශ්වාසය කතුවරිය රන්හුයක් සේ සිත්තම් කරන අතර බුද්ධි ගලනය හා මව්බිම අහිමිකළ හා අහිමි වූ මිනිසුන්ගේ සංස්කෘතික අවශ්‍යතාවයන් ගැනත් කතු වරිය දෙවෙනි හා තුන් වෙනි කථා ත්‍රිත්වය තුළ පැහැදිලි චිත්‍රයක් පාඨකයාට තිලිණ ක‍රයි.

    කෘති තුනම 1994 සිට 2015 දක්වා කාල පාරාසය තුළ ඓතිහාසික කාර්යභාරයක් ඉටුකරයි.එනම් සිවිල් යුද්ධය,හා ඒ යුද්ධයේ වින්දිතයන්,ගේ ජීවන අභ්‍යන්තරයන් දේශීය හා විදේශීය වශයෙන් කතුවරිය සිය වවුනියාවේ සිට යුරෝපය දක්වා අත්දකින ජීවන චාරිකාවේදී ලද අත්දැකීම් වලින් ප්‍රතිනිර්මාණය කළ බව හොඳින් වැටහේ.කතුවරිය දේශපාලන විශ්ලේශිකාවක් ලෙස තම කෘතීන් නිර්මාණය කිරීමේදී සියුම්ව දේශපාලනය බද්ධ කරගනී.එමෙන්ම මානුෂිය ප්‍රේමනීය තේමාවන් තුළ පොත් ත්‍රිත්වයම පාඨකයා අපූරු ලෝක චාරිකාවක් රැගෙන යයි.යුද්ධය හා එහි වින්දිතයන් ගැන ශ්‍රී ලාංකීය පාඨකයාට ලෝක අත්දැකීම් දිගහරියි. මෙයට එක්වන විදේශීය චරිත තුළින් කතුවරිය මේ පොත් ත්‍රිත්වයේ ප්‍රධාන චරිතය වන වෛද්‍ය දේවිකාගේ චරිතය දකින්නට ආරාධනා කරයි.ප්‍රේමය පදනම් වන මේ කතා ත්‍රිත්වයේ අවසානය අළුත් ලෝකයකි.එය කතුවරිය දකින්නට ආසාකරන ලෝකය විය හැකිය.නැතහොත් ශ්‍රී ලංකාවේ ඇති විය යුතු යැයි අපේක්ෂා කරන ලෝකය විය හැකිය.

    යුද්ධය පිලිබඳව ලියැවුණු ඓතිහාසික හා ප්‍රේමණීය යාතාර්ථවාදී මෙන්ම දැනුම සපිරි තුන් ඈඳුතු අක්‍යානයක් ලෙස දෙනුවර නැවතුම පොත් ත්‍රිත්වය හැඳින්විය හැකිය.මෙම පොත්  ජනගත වන 2023.08.29 දින කතුවරියගේ අත්සන සහිතව ඒවා ලබාගත හැකිය.දෙනුවර නැවතුම පොත් ත්‍රිත්වයම  විෆ්ලර් පබ්ලිෂර්ස් ඇන්ඩ් මීඩියා පෞද්ගලික සමාගමේ  ප්‍රකාශණය.

    https://fb.watch/mIbP5Vlcgj/?mibextid=Nif5oz

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version