English
සිංහල
17:41 අඟහරුවාදා, ජූලි 7, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • English
    • සිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි අධිකරණ ඇමතිට ” අර්බන් සිටිසන් ” සංවිධානයෙන් පැසසුම්.

    publisher 1 by publisher 1
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වීම සහ අතවරයන්ට පත් දරුවන් හා ඔවුන්ගේ පවුල්වල අයට නීතියෙන් සාධාරණයක් ඉෂ්ඨ කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් රජයක් ලෙස ලැජ්ජාවට පත් විය යුතු බවත් , දරුවන්ගේ ආරක්ෂාව දැඩි කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවත් අධිකරණ අමාත්‍ය ගරු විජයදාස රාජපක්ෂ මහතා විසින් පසුගිය 5 වන දින පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය ” අර්බන් සිටිසන් ” සංවිධානය ඉතා ඉහළින් අගය කොට අමාත්‍යවරයා හට ඒ පිළිබඳව ලිපියකින් දන්වා තිබේ.

    වයස අවුරුදු 16 ට අඩු දරුවන් අපයෝජනයට ලක් වීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව සනාථ කරමින් පසුගියදා පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් සංඛ්‍යා ලේඛන මඟින් ඉදිරිපත් කළ නමුත් , පෞද්ගලික මන්ත්‍රී යෝජනාවකට අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 ( අ ) වගන්තීන් සංශෝදනය කිරීමට යෝජනා කර ඇත්තේ වර්තමානයේ දරුවන් පත්ව ඇති අනාරක්ෂිත තත්වයන් පිළිබඳව දැඩි අවබෝධයක් නොමැතිව සහ පැහැදිලි හා නිශ්චිත දණ්ඩනයන් සෘජුව සදහන් කර ඇති වගන්තීන් ඉවත් කරමින් බවත් , වෙනත් වගන්තීන්ගෙන් මෙම දණ්ඩනයන් ආවරණය වන බව සඳහන් කරමින් බවත් , මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර සමස්ත දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කිරීමට කටයුතු කරන ලෙසත් අධිකරණ අමාත්‍යවරයා හට මෙම ලිපියෙන් වැඩි දුරටත් දන්වා තිබේ.

    එමෙන්ම සමාජ වගකීමක් ලෙස සලකා ළමා අපයෝජනය හා නිවාරණය පිළිබඳව ” අර්බන් සිටිසන් ” සංවිධානය දිගින් දිගටම දැනුවත් කිරීමේ වැඩමුළු පවත්වන බවත් මින් ප්‍රකාශ කර තිබේ. දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ” අර්බන් සිටිසන් ” සංවිධානය විසින් අධිකරණ අමාත්‍ය ගරු විජයදාස රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කරනු ලැබූ ලිපිය පහතින් ,

    ජුලි මස 5වන දින පාර්ලිමේන්තුව අමතා දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරිම පිලිබදව ඔබ තුමා කරන ලද කතාව සම්බන්දයෙනි.

    රටක් ලෙස දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරිමට අපොහොසත් විමත්, අතවරයන්ට පත් දරුවන් හා ඔවුන්ගේ පවුල්වල අයට නීතියෙන් සාදාරනයක් ඉෂ්ට කිරිමට අපොහොසත් විමත් පිලිබදව රටක් ලෙස අප ලැජ්ජාවට පත්විය යුතු බවත්, දරුවන්ගේ ආරක්ෂාව දැඩි කිරිමට රජයක් ලෙස දැඩි ක්‍රියාමර්ග ගැනීමට ඔබතුමා ගන්නා ලද තීරණය සහා පාර්ලිමේන්තුව දැනුවත් කිරීම පිලිබදව අප “අර්බන් සිටිසන්” සංවිධානය ඔබතුමාව ඉතාමත් ඉහලින් අගය කරන්නෙමු.

    එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තිය (UNCRC) 1989දි හඳුන්වාදුන් අතර, 1991දි අප රටක් ලෙස ශ්‍රී ලංකා ළමා ආරක්ෂක ප්‍රඥප්තිය හඳුන්වා දෙන ලදී. පසුව 1995 දී දණ්ඩනීති සංග්‍රහයට 22වන සංශෝධනය එක් කළේ රටක් ලෙස ළමා හා කාන්තා සුරක්ෂිතභාවය සඳහා අපගේ කැපවීම තහවුරු කිරීමටය.

    ඇතැම් පාර්ශවයන් විසින් මෙම නීතීන් 1885 සිට පැවත එන යල්පැනගිය නීති බවට තහවුරු කිරීමට මහත් පරිශ්‍රමයක් දැරුවත් මෙම නීතීන් 34 වතාවක් සංශෝධනය වෙමින් යාවත්කාලීන කළ නීතීන් බවට ඔබට නැවතත් මතක් කිරීමට කැමැත්තෙමු.

    සංචාරක කර්මාන්තයේ නියැලෙන ඇතැම් අය සංචාරකයින්ගේ ආකර්ෂණය සහ අවධානය දිනා ගැනීම සඳහා 2002/ 2003 වර්ෂයන්හි ශ්‍රී ලංකාව ළමා ලෝලී සංචාරකයින්ගේ තෝතැන්නක් බවට වෙබ් අඩවියක් මගින් ප්‍රචලිත කරන ලදී.

    එම කාල සීමාවේදී ළමා ආරක්ෂණ අධිකාරිය ඉතාමත් කාර්යක්ෂම ආයතනයක් මෙන්ම කාර්යශුර නිලධාරීන් සිටීමත් නිසාවෙන් Cyber Crime Detection ඒකකයක් පිහිටු වීමටත් එවැනි පුද්ගලයන්ගෙන් අප රටේ දරුවන් ආරක්ෂා කර ගැනීමටත් මහත් පරිශ්‍රමයකින් කටයුතු කරන ලදී.

    පසුගියදා පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින්ද අප රට තුළ වයස අවුරුදු 16ට අඩු දරුවන් අපයෝජනයට ලක්වීම සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව සනාත කිරිමට සංඛ්‍යා ලේඛනද මාධ්‍ය මගින් පෙන්වන ලදි.

    පෞද්ගලික මංත්‍රි යෝජනාවකට අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 365 ,365අ වගන්තීන් සංශෝධනය කිරිමට යෝජනා කරන්නේ වර්තමානයේ දරුවා පත්ව ඇති අනාරක්ෂිත තත්වයන් පිලිබදව දැඩි අවබෝධයක් නොමැතිව හා වඩාත් පැහැදිලි හා නිශ්චිත දන්ඩණයන් ඍජුව සදහන් වගන්තීන් ඉවත් කරමින් වෙනත් වගන්තීන්ගෙන්ද මෙම දන්ඩණයන් ආවරණය වන බව සදහන් කරමින්ය.

    නිකුත් වී ඇති ගැසට් පත්‍රය අනුව 365 වගන්තිය සහ 365(අ) වගන්තිය පහත පරිදි සංශෝධනය වී ඇති අතර එම වගන්තීන් ඍජුවම 16 අඩු දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන වගන්තීන් වේ.

     සංශෝදනය වීමට පෙරසංශෝදනය කිරීමෙන් පසු
    365පුරුෂයෙකු ස්ත්‍රියක හෝ සතෙකු සමඟ ස්වභාව ධර්මයට විරුද්ධව සිදු කරන අස්වාභාවික ලිංගික ක්‍රියා වරදක් ලෙස නම් කර තිබීම.ස්වභාවධර්මය අනුපිළිවෙළට එරෙහිව ස්වෙච්ඡාවෙන් සතෙකු සමඟ සංසර්ගයේ යෙදීම වරදක් ලෙස නම් කර තිබීම.
     වයස අවුරුදු 16ට අඩු තැනැත්තන් සම්බන්ධයෙන් ඉහත වැරදි සිදු කරන ලද අවස්ථාවලදී අවුරුදු 10 සිට 20 දක්වා බරපතළ වැඩ සහිත සිර දඬුවම් සමඟ දඩ මුදල් ගෙවීමට නියම කිරීම.මෙම වගන්තිය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇත.
    365 (අ)තැනැත්තන් අතර දැඩි අශිෂ්ඨ ක්‍රියා නම් කර එවැනි ක්‍රියා නීතියෙන් වරදක් බව දන්වා දඬුවම් දක්වා සිටීම.මෙම වගන්තිය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇත.

    1) සංශෝධනයට පෙර 365 සහ 365අ වගන්තින් මගින් වයස අවුරුදු 16 ට අඩු තැනැත්තෙකු සම්බන්ධයෙන් සිදු කරනු ලබන අස්වාභාවික සහ බරපතළ ලිංගික අපයෝජන සම්බන්ධයෙන් ලබා දෙනු ලබන දඬුවම් පිළිබඳ නිශ්චිතව දක්වා තිබුණද මෙම යෝජිත සංශෝධනය මගින් එම වගන්තිය ඉවත් වී ඇත.

    2) දණ්ඩ නීති සංග්‍රහයේ 345, 360(අ), 364(අ) වැනි වගන්ති මගින් ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් යම් නියමිත ප්‍රතිපාදන සපයා ඇතත් එම ප්‍රතිපාදන මගින් ලබා දෙන දඩුවම් 365, 365(අ) වගන්තින් මගින් නියම කර තිබූ දඬුවම් වලට සාපේක්ෂව ලිහිල් බවක් දක්නට ලැබේ.

    3) විශේෂයෙන්ම ළමයින් සම්බන්ධයෙන් සිදුවන අස්වාභාවික වැරදි සහ බරපතළ ලිංගික අපයෝජන සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු වැඩි වශයෙන් සිදු කර ඇත්තේ 365 සහ 365(අ )වගන්ති පදනම් කරගෙන වන අතර පිරිමි ළමයින් සම්බන්ධයෙන් වැඩිම නීතිමය ආවරණයක් එම වගන්ති මගින් සැපයී තිබිණි.

    සමාජ වගකීම ලෙස සලකා ළමා අපයෝජනය හා නිවාරණය පිලිබදව අප සංවිධානය දිගින් දිගටම දැනුවත් කිරිමේ වැඩමුළු පවත්වන අතර මේ පිලිබදව ඔබ තුමාගේ අවදානය යොමුකරන ලෙස ඉල්ලා සිටින්නේ දරුවාගේ ආරක්ෂාව තහවුරු කිරීමට පමණක් වන බැවින් අප විසින් පෙන්වා දෙන ඉහත කරුණු සම්බන්ධයෙන් ඔබ තුමන්ගේ දැඩි අවදානය යොමුකරන මෙන් සමස්ත දරුවන් වෙනුවෙන් මෙසේ ආයාචනය කර සිටින්නෙමු.

    මෙයට,


    ශර්මිලා ගෝනවෙල,
    සභාපති – අර්බන් සිටිසන් සංවිධානය
    සහ විදායක කමිටුව.

    Tags: ගවේෂණාත්මක පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    ආරක්ෂක අංශ

    ගජබා රෙජිමේන්තුවට හොර අඹුවන්! ! දරුවන් සහ බිරිඳගේ ජීවිත අනතුරේ!

    මාර්තු 4, 2024
    Uncategorized

    නැහැදිච්ච සිසුන් 500 ක් විතර බාලිකා විද්‍යාලයකට කඩා පැනලා. ඇමති කෙනෙකුගේ පුතෙකුත් ඉදලා

    මාර්තු 4, 2024
    අධිකරණ සහ නීතිපති

    ජනාධිපති වෙන්න හිතන් ඉන්න දිලිතුත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවෙක් වෙලා.

    මාර්තු 4, 2024
    කෘෂිකාර්මික සහ වාරිමාර්ග

    ආණ්ඩුව සලකන්නේ ⁣මහා පරිමාණ වී මුදලාලිලාට විතරයි! වී ගොවියත් සූරගෙන කනවා

    මාර්තු 3, 2024
    Uncategorized

    ⁣ගම්මිරිස් අක්කර පනස්දහසක් විනාශ වෙමින් තිබේ! අමාත්‍යවරුන්ගේ අවධානය පිණිසයි. (වීඩියෝ)

    මාර්තු 3, 2024
    බලශක්ති අමාත්‍යංශය

    විදුලි බලමංඩලයේ ලොක්කෙකුට ගෙවල් 35 ක්! විදුලිය නැති නම් කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න!

    මාර්තු 3, 2024
    ආරක්ෂක අංශ

    ගුවන් හමුදාපතිගෙන් උතුරට කිරි. දකුණට කැකිරිවත් නෑ.

    මාර්තු 3, 2024
    බැංකු සහ මූල්‍ය

    ජනතාව සමග පාපන්දු කෙලි මහ බැංකුවේ තටු කැපීමට ලෑස්තියි. එවැනි වෙනත් ආයතනවලටත් තට්ටු කෙරේ.

    මාර්තු 3, 2024
    අධිකරණ සහ නීතිපති

    පාතාල ක්‍රමේට ගිය පොලිස් නිලධාරීන් ආයෙත් වැඳ සමාව ගනී. සති දෙකක් තුලෙ දෙවෙනි සිදුවීම

    මාර්තු 2, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • English
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version