English
සිංහල
01:49 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාට එරෙහිව කාන්තාවක් නැගිටීයි.

    publisher 1 by publisher 1
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    මෑතකදී නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධූරයට පත් කරන ලද සෙන්දිල් තොණ්ඩමන් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ තම බලය අභිබවා කටයුතු කිරීම සම්බන්ධයෙන් අර්බන් සිටිසන් සංවිධානයේ සභාපතිනි ශර්මිලා ගෝනවෙල විසින් අධිකරණ , බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය , ජනාධිපති නීතීඥ , ආචාර්‍ය විජයදාස රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ .

    එම ලිපියේ සඳහන් කර ඇත්තේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා පළාත් සභාව සතු බලතල අභිබවා පමණක් නොව ජනාධිපති බලතල ද නොසලකා අත්තනෝමතික ලෙස ක්‍රියා කරමින් , අනවශ්‍ය තත්ත්වයන් ඇති කිරීම සහ රජය කෙරෙහි ඇති ජනතා විශ්වාසය බිඳ වැටීමට හැකි අයුරින් ක්‍රියා කරන බවයි.

    එමෙන්ම භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යාංශයෙන් නැගෙනහිර පළාතේ සිදු කරන කැණීම් කටයුතු අත්හිටුවන ලෙසට නියෝග කිරීම සහ බොරලුකන්ද රජමහා විහාරයේ සංවර්ධන කටයුතු අත්හිටුවීම වැනි නීතිය අභිබවා කරන කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවත් , රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම , ජාතික ආරක්ෂාවට තර්ජනයක් සහ ජනාධිපතිතුමන් විසින් පවරන ලද බලය අවභාවිතා කිරීමක් සිදු කර ඇති බවත් මෙම ලිපිය මඟින් පෙන්වා දී තිබේ.

    ඒ අනුව මෙම ලිපිය මඟින් අර්බන් සිටිසන් ආයතනය විසින් ජනාධිපති නීතීඥ ආචාර්‍ය විජයදාස රාජපක්ෂ මහතා හට වැඩි දුරටත් පවසා ඇත්තේ පළාත් සභාවකට නොමැති ශක්තියක් හා ස්වාධීනත්වයක් ලබා දෙමින් ෆෙඩරල් ආණ්ඩුවක් ලෙස ක්‍රියාත්මක වෙමින් මධ්‍යම රජය සතු බලය මෙලෙස හීන වීමට ඉඩ හැරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා ලෙස අවධානය යොමු කරන ලෙසටයි.

    අදාළ ලිපිය පහතින් ,

    07.09.2023

    ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, 19, ශ්‍රී සංඝරාජ මාවත,
    කොළඹ 10.

    නැගෙනහිර පළාත් ආණ්ඩුකාර තුමා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ තම බලය අභිබවා කටයුතු කිරීම.

    අධිකරණ අමාත්‍යතුමනි,

    මෑතකදී නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධූරයට පත් කරන ලද සෙන්දිල් තොණ්ඩමන් මහතා පළාත් සභාවක් සතු බලතල අභිබවා පමණක් නොව ජනාධිපති බලතලද නොසලකා හැරීම පිළිබඳව අදාල පළාතේ පමණක් නොව රටේම අවධානයට ඔහු ලක්ව ඇති අතර සෙන්දිල් තොණ්ඩමන් ආණ්ඩුකාරවරයෙකු ලෙස මෙලෙස අත්තනෝමතික ලෙස ක්‍රියා කිරීම අනවශ්‍ය තත්වයන් ඇති කිරීම හා රජය කෙරෙහි ජනතා විශ්වාසය බිදවැටිමද සිදු විය හැක.

    සෙන්දිල් තොණ්ඩමන් ආණ්ඩුකාර ධූරයට පත්වී කෙටි කලක් තුළ මොහු නීතිය අභිබවා ක්‍රියාකිරීම පිළිබඳව අපගේ අවධානය යොමුවූ කරුණු දෙකකි.

    1)භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයෙන් නැගෙනහිර පළාතේ සිදුකරන කැණීම් කටයුතු අත්හිටුවන ලෙසට නියෝග කිරීම.
    2) බොරලුකන්ද රජමහා විහාරයේ සංවර්ධන කටයුතු අත්හිටුවීම.

    ආණ්ඩුකාරවරයෙක් පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් වීමත්, භූ විද්‍යා හා පතල් කැනීම් පිළිබඳ තීරණ ගැනීම මධ්‍යම රජය සතු බලයක් වන අතර පළාත් විෂය පථයට කිසිසේත් අදාළ නොවන විෂයක් සම්බන්ධයෙන් මෙසේ අත්තනෝමතික ලෙස ක්‍රියා කිරීමට ඉඩ හැරීම තුලින් පැහැදිළි ලෙසම 13වන සංශෝධනය තුළින් පළාත් සභා වෙත ලබා දී ඇති බලය අභිබවා කටයුතු කිරිම හා ජනාධිපති බලතල නොසලකා හරිමින් කටයුතු කිරීමක් ලෙස අපි දකිමින් මෙය ඉතාමත් වැරදි සහ භයානක පූර්වාදර්ශයක් විය හැකි බවද පෙන්වා දීමට කැමැත්තෙමු.

    ජනාධිපතිතුමන් විසින් පත් කරන ලද ආණ්ඩුකාරවරයෙක් මෙසේ ජනාධිපති සතු බලය හා රටේ ව්‍යවස්ථාවෙන් පළාතට පවරා ඇති බලය අභිබවා කටයුතු කිරීමේදී ජනාධිපතිතුමන් ප්‍රමුඛ රාජය සෘජු නියෝගයන් ලබා දෙනවා වෙනුවට භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාලයට අභියාචනාධිකරණයේ පිහිට පැතිමට ඉඩ හැරිම ඉතාමත් නුසුදුසු ක්‍රියාවක් ලෙස පෙන්වා දෙමින් අනාගතයේදී පළාතක් ලෙස වෙන්වී යෑම දක්වා වර්ධනය විය හැකි අනවශ්‍ය වැරදි පූර්වාදර්ශයක් ලෙසද අප පෙන්වා දීමට කැමැත්තෙමු.

    නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම, ජාතික ආරක්ෂාවට තර්ජනයක්,ජනාධිපති තුමන් විසින් පවරන ලද බලය අවභාවිතා කිරීමක් සිදුකර ඇති බව පෙන්වා දීමට කැමැත්තෙමු.

    නැගෙනහිර පළාතේ පුරාවස්තු විනාශ කිරීම, අනීතිකව ඉඩම් බෙදාදීම, රක්ෂිත වනාන්තර විනාශ කිරීම, ආගමික සහජීවනයට තර්ජනයක් ඇති වන ක්‍රියාකාරකම් සහ ප්‍රකාශයන් සිදු කිරීම යන මේ සියලු කරුණු පදනම් කරගෙන අන්‍යෝන්‍ය විශ්වාසය බිඳ වැටී අනවශ්‍ය ගැටුම් ඇතිවීමට ඉඩ නොතබා නිසි ක්‍රියාමාර්ග ගනු ඇතැයි යන විශ්වාසය මත අප මෙසේ ඔබ වෙත ලියා දන් වන්නෙමු.

    පළාත් සභාවකට නොමැති ශක්තියක් හා ස්වාධීනත්වයක් ලබා දෙමින් ෆෙඩ්රල් ආණ්ඩුවක් ලෙස ක්‍රියාත්මක වෙමින් මධ්‍යම රජය සතු බලය මෙසේ හීන වීමට ඉඩ හැරිම පිළිබඳව අධිකරණ අමාත්‍යවරයා ලෙස ඔබගේ අවධානය යොමු කරන ලෙස ඉතාමත් ඕනෑකමින් යුතුව අප සංවිධානය ඔබගෙන් ඉල්ලා සිටිමු

    තෙරුවන් සරණයි!

    මෙයට ,

    ශර්මිලා ගෝනවෙල
    අර්බන් සිටිසන් සංවිධානයේ සභාපතිනි
    0742420366

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version