දරිද්‍රතාවයෙන් පෙළෙන සවිබල ගැන්විය යුතු අනෙකුත් පවුල් හඳුනාගැනීමට කඩිනමින් සමීක්ෂණයක් සිදුකරන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වේ .
ඒ අනුව ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මුදල් අමාත්‍යාංශය, සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව එක්ව කමිටුවක් පත්කර ගන්නා ලෙස එම කාරක සභාව උපදෙස් ලබා දී තිබේ .














































