මෙරට ප්‍රධාන පෙළෙහි මත් ජාවරාම් කාර ලැයිස්තු ගත පුද්ගලයෙකු වන මළලගේ සුදත් කිත්සිරි නොහොත් “වැලිවිට සුද්දා” නැමැත්තා අද (22) අත්අඩංගුවට ගත් බවට කඩුවෙල පොලිසිය පවසයි
ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතුරින් ලැයිස්තු ගත සැකකරුවන් සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට හැකිව තිබුණත් මෙම සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් සිටීම නිසා අත්අඩංගුවට ගැනීමට නොහැකිව තිබූ බව සදහන්.
අත්අඩංගුවට ගත් සැකකරු රදවා ගෙන ප්‍රශ්න කිරීමේ නියෝගයක් ලබා ගැනීම සදහා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.














































