ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වීම හේතුවෙන් කිරි පිටි මිල පහළ දැමීමට කිරි පිටි සමාගම් තීරණය කළ බව වාර්තා වේ.
ඒ අනුව කිරිපිටි කිලෝවක මිල රුපියල් 200කින් ද ග්‍රෑම් 400 මිල රුපියල් 80කින් ද පහළ දැමීමට තීරණය කළ බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා ප්‍රකාශ කරන ලදී.














































