නිරිත දිග මෝසම ක්‍රමයෙන් ආරම්භ වෙත්ම උඩරට එළවළු මිල ගණන්ද 100% කින් ඉහළ ගොස් ඇති බවට එළවළු වෙළෙන්දෝ ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව සෑම එළවළු වර්ගයකම පාහේ කිලෝවක මිල රුපියල් 300 ත් 700 ත් අතර බව සදහන්.
දැනට මාසයකට පමණ ඉහතදී එළවළු මිලෙහි යම් අඩු වීමක් පැවතියද එළවළු තොග වෙළෙදපොළට ලැබීම අඩුවීම හේතුවෙන් සති දෙකක පමණ සිට එළවළු මිල ඉහළ ගොස් ඇති බව සදහන්.













































