ඇතැම් ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල අඩු වුවත් හැටන් හා ඒ ආශ්‍රිත ප්‍රදේශ කිපයකම එළවළු මිල මේ වන විටත් දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසති.
මේ වන විට මෙම ප්‍රදේශවල අමු මිරිස් කිලෝවක් රුපියල් 1300ත් 1400ත් , බෝංචි කිලෝවක් රුපියල් 550ත් 600ත් , කැරට් කිලෝවක් රුපියල් 440ත් 480ත්, බ්ට් ක්‍රිලෝව රුපියල් 400ත් 440ත්, ලික්ස් කිලෝවක් රුපියල් 320ත් 360ත්, පතෝල කිලෝවක් රුපියල් 360ත් 400ත්, අළු කෙසල් කිලෝවක් රුපියල් 200ත් 240ත්, වැටකොළු කිලෝවක් රුපියල් 460ත් 480ත්, මඤ්ඤාක්කා කිලෝවක් රුපියල් 200ත් 220ත්, මාළු මිරිස් කිලෝවක් රුපියල් 520ත් 560ත් අතර මිලකට අලෙවි වන බව එම පිරිස් වැඩි දුරටත් සඳහන් කරති.
මෙම තත්වයන් මත එළවළු මිලදි ගැනිමේදි තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බවත් , මෙම ප්‍රදේශයන් තුළ පවතින වෙළඳ ඒකාධිකාරිය මත මෙසේ එළවළු මිල පහළ නොයන බවත් එම පිරිස් පවසති.
එමෙන්ම මේ පිළිබඳව කරන ලද විමසිම්වලදි අදහස් දක්වන ප්‍රදේශයේ එළවළු වෙළෙඳුන් කිහිපදෙනකුම පවසනුයේ සමහර ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ගණන් අඩු වුවද මෙම ප්‍රදේශයන්ට එළවළු රැගෙන ඒමේදි පවතින ප්‍රවාහන
ගාස්තු ඉහළ යාමත් සමඟ තමන්ට ලැබෙන එළවළු තොග මිල ඉහළ යාමෙන් මෙවැනි තත්වයන් උදාවි ඇති බවයි.