ව්‍යාජ ලේඛන සකස්කර මෙරටට ගෙන්වා තිබූ සුඛෝපභෝගී ජීප් රථ 02ක් වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය මඟින් සිය භාරයට ගෙන තිබෙන බව වාර්තා වේ .
මෙම සුඛෝපභෝගී ජීප් රථ සොයාගෙන ඇත්තේ කහතුඩුව රිලාවල ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී බව සඳහන් .
මෙරටට වාහන ආනයන සිදු කරනු ලබන ව්‍යාපාරිකයකු විසින් මෙම රථවාහන මෙරටට ගෙන්වා ඇති බවට සැකපළ කරන අතර අදාළ ජිප් රථ රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුතු බවට අනාවරණය වී තිබේ .
වාර්තා වන ආකාරයට එම රථ සොයාගන්නා අවස්ථාව වනවිටත් අදාළ වාහනවල එන්ජින් අංක සහ චැසි අංක සූරා තිබී ඇති අතර අදාළ නිවසේ හිමිකරු වන වාහන ආනයන සිදු කරනු ලබන ව්‍යාපාරිකයා මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් තිබේ.














































