පොලිස්පති ධුරය සම්බන්ධයෙන් මතුව ඇති සීතල යුද්ධය මේ වන විට දේශපාලන අභ්‍යන්තරයද උණුසුම් කර ඇති බව වාර්තා වේ.
මීළඟ පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා හෝ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස වී ඇති නමුත් පොදුජන පෙරමුණ නියෝජනය කරන මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඇතුළු පිරිසකගේ අදහස වී ඇත්තේ ඒ සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීම බවත් පැවසේ.
මෙම වාතාවරණය හේතුවන් පොලීසිය අභ්‍යන්තරයේද උණුසුම් තත්වයක් නිර්මාණය වී ඇති අතර ඇතැම් පුද්ගලයින් පොලිස්පති ධුරය අපේක්ෂාවෙන් දේවාල සහ ආගමික ස්ථාන වල පුද පූජා පවත්වමින් සිටින බවද පැවසේ.
වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන් ,