මිනුවන්ගොඩ පත්තඩුවන භික්ෂු පුහුණු මධ්‍යස්ථානාධිපති, අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු උපදේශක නැදගමුවේ විජය මෛත්‍රී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනාහිමියෝ අද (24) අලුයම අපවත් වී වදාළ බව වාර්තා වේ.
අපවත් වන විට 73 වියේ පසු වූ අනුනාහිමියෝ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය මහා ලේඛකාධිකාරී පදවිය ද හෙබවූ තෙර නමකි.
1963 වර්ෂයේදී පැවිදි දිවියට පත් උන් වහන්සේ සම්බුද්ධ ජයන්ති කමිටුවේ මෙන්ම තවත් කමිටු රැසකද තනතුරු දරා ඇත.
විචිත්‍ර ධර්ම කථිකයෙකු වන නැදගමුවේ විජය මෛත්‍රී අනුනාහිමියෝ විදේශ ධර්ම දූත සේවාවන්හි නිරත වෙමින් විශාල ශාසනික මෙහෙවරක් ඉටු කරමින් රාමඤ්ඤ මහා නිකායේ බැබළවීමට ක්‍රියා කළ තෙරනමක් ලෙසද ප්‍රසිද්ධ බව සදහන්.