English
සිංහල
01:33 ඉරිදා, ජූලි 5, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • English
    • සිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    Visit Sri Lanka නව සංචාරක සැලැස්ම ඉදිරි මාස කිහිපය තුළ එළිදක්වනවා.

    publisher 1 by publisher 1
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp
    • වාර්ෂිකව සංචාරකයින් මිලියන 5ක් මෙරටට ගෙන්වා ගැනීම අරමුණයි.
    • සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ දී සූපශාස්ත්‍රය පිළිබඳ වැඩි අවධානයක්.
    • සූපශාස්ත්‍රය පිළිබද පාසලක් ආරම්භ කිරීමට පියවර.
    • අභාවප්‍රාප්ත Dilmah Tea හි නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා ඉටුකළ මෙහෙවර ජනපතිගේ ඇගයීමට – ජනපති.

    රටේ ආර්ථික වර්ධනයට දායක වීම සඳහා ඉහළ ක්‍රය ශක්තියක් සහිත සංචාරකයින් මිලියන 2.5ක් ඇතුළුව සංචාරකයන් මිලියන 5ක් ආකර්ෂණය කර ගැනීම අරමුණ කර ගනිමින් රජයේ නව සංචාරක උපාය මාර්ගය වන ‘Visit Sri Lanka’ ඉදිරි මාස කිහිපය තුළ දියත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (23) පස්වරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති Bocuse d’Or 2023 තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවයට එක් වෙමිනි.

    ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සුප්‍රසිද්ධ සූපවේදීන්ගේ සුවිශේෂී දක්ෂතා සහ කුසලතා ප්‍රදර්ශනය කිරීම සඳහා වේදිකාව නිර්මාණ කිරීම Bocuse d’Or 2023 තරගය මගින් සිදු වේ.

    Bocuse d’Or 2023 තරගාවලියේ ජයග්‍රාහකයන් වෙත කුසලාන සහ සහතික පත් ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.

    ඉන්දියාවේ ඇස්තමේන්තු පෙන්වා දෙන ආකාරයට ශ්‍රී ලංකාවට වාර්ෂිකව සංචාරකයන් මිලියන 10ක් පමණ ගෙන්වා ගැනීමට හැකියාව පවතින බවත්, ඉන් බහුතරයක් ආසියානු සහ ඉන්දියන් සාගර කලාපයේ සංචාරකයින් වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

    ගෝලීය සංචාරක වෙළෙඳපොළ තුළ තරග කිරීමට ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ පරිවර්තනයක් අවශ්‍ය වන අතර, ඉවුම් පිහුම් කලාවේ විවිධත්වයක් ඇති, ඝර්ම කලාපීය රටක් ලෙස ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ හැකියාව රජය හඳුනාගෙන ඇති බැවින් මෙරට සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ දී සූපශාස්ත්‍රය උපරිමයෙන් දායක කර ගැනීමට අවධානය යොමු කර ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.

    රටේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු මෙන්ම ‘Dilmah Tea’ හි නිර්මාතෘ සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අභාවප්‍රාප්ත මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉටුකළ මෙහෙවර ද මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා:

    අද මෙම සභාවේ හිස් තැනක් තිබෙනවා. එය අප සියලුදෙනාටම දැනෙනවා. මෙරට සංචාරක කර්මාන්තය වෙනුවෙන් ප්‍රමුඛ මෙහෙවරක් ඉටු කළ මෙරිල් ප්‍රනාන්දු මහතා නොමැතිව අද අප මෙහි හමු වන්නේ පළමු වරටයි.

    ඔහු මෙරට සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් ඉටු කළ කාර්යභාරය අපට අමතක කළ නොහැකියි. මම 2002 වසරේ අගමැතිවරයා ලෙස සිටින සමයේ ඒඩ්‍රියන් සේගා මෙරටට පැමිණි අවස්ථාව මට මතකයි. අපේ සංචාරක ව්‍යාපාරය පුළුල් කරන්නේ කෙසේද කියා ඔහු කතා කළා.

    ඒ වගේම මෙරටට පැමිණි ජෙෆ්රි ඩොබ්ස්, බුටික් හෝටල් සංකල්පය පිළිබඳ කතා කළා. මෙම බුටික් හෝටල් සංකල්පය හරහා මෙරට වැවිලිකරුවන්ගේ “බංගලා”, බුටික් හෝටල් බවට පත් කරන්නේ කෙසේද යන්න කතා කිරීමට පටන් ගත්තා. මෙරිල් ක්‍ෂේත්‍රයේ නොසිටියත් එය අනුගමනය කළා.

    ඉන්පසුව මම මැතිවරණයෙන් පරාජය වුණා. නැවත බුටික් හෝටල් බලන්න හැකිවෙයි කියා මම හිතුවේ නැහැ. දවසක් මෙරිල් ඇවිත් මට කිව්වා “මම ‘Tea Trails’ පටන් ගන්නවා” කියලා. ඔහු මට මුලින්ම බුටික් හෝටලයකට ආරාධනා කළා. අප සියලුදෙනාට ආඩම්බර වියහැකි ප්‍රමිතියකින් ඔහු එය ස්ථාපිත කර තිබුණා. එබැවින් ඔහු මෙරට තේ කර්මාන්තයට පමණක් නොවෙයි, සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් ද ලබාදුන් දායකත්වය අපට අමතක කළ නොහැකියි. ඔහු කල්කුඩාවේ සූපශාස්ත්‍ර පාසලක් ද ආරම්භ කළා.

    මම හිතන්නේ දේශපාලනඥයෙක් ලෙස මම වාසනාවන්තයි. අවුරුදු 40ක් තිස්සේ මම රට වටේ යන විට විවිධ කෑම වර්ග භූක්ති විඳීමට අවස්ථාව ලැබෙනවා . ඊයේ මම අනුරාධපුරයට ගියා. අපට ඉතා රසවත් වැව් මාළු ව්‍යංජනයක් භුක්ති විඳීමට අවස්ථාව ලැබුණා. කාලයකට පෙර මට ත්‍රිකුණාමලයේ රසවත් බුරියානියක රස බලන්න ද ලැබුණා.

    හෝටල්වලින් පිට සනීපාරක්ෂක පහසුකම් එතරම් හොඳ මට්ටමක නොතිබූ මීට වසර 40කට පමණ පෙර සිදුවීමක් මට සිහිපත් වෙනවා. අප දවසක් බටහිර වෙරළ තීරයේ හොඳම කකුළුවන් ව්‍යාංජනය තිබූ කල්පිටිය අවන්හලක් වෙත ගියා. මමත් සමඟ තවත් කිහිප දෙනෙකු මේ සඳහා එක්ව සිටියා. ඇත්තමට ඒ කකුළුවන් ව්‍යාංජනය ඉතා රසවත්. අනතුරුව අප මුහුදු පැලෑටි ජෙලි එකක් කෑමට ගත්තා. මෙම මුහුදු පැළෑටි ජෙලි පෘතුගීසීන්ගේ වට්ටෝරුවක් අනුව මුස්ලිම් කාන්තාවන් විසින් පිසිණු ලැබූවක්. ඉතින් කල්පිටියට ගියොත් මුහුදු පැළැටි ජෙලි හදන ආකාරයත් ඉගෙන ගන්න පුළුවන්.

    මම ආහාර ගෙන එතැනින් පිටතට ඒමට පෙර ඔවුන්ගෙන් ඇහුවා “ඇයි සුදු මේස රෙද්දක් නැතිව කහ පැහැති රෙද්දක් දාලා තියෙන්නේ” කියලා . ඔවුන් මට කිව්වේ මේස රෙදි කාලෙකින් ලොන්ඩරියට දැම්මේ නැහැ කියලා. ඉතින් මෙම අවදානම තිබුණත් මෙම අත්දැකීම් ලබා ගැනීම වැදගත් වෙනවා.

    අප දැන් රටක් ලෙස අලුත් ගමනක් යා යුතුයි. අප බංකොලොත් භාවයෙන් මිදීමෙන් පසු අපට ප්‍රමාණවත් පරිදි විදේශ විනිමය අවශ්‍ය වෙනවා. ඒ හැමදේම පහසුවෙන් ලබාගත නොහැකියි. ඇතැම් ණය ආපසු ගෙවීමේ දී කොන්දේසි තිබෙනවා. මෙම මුදල් උපයා ගැනීමට හැකි අයුරින් අපගේ සංචාරක ක්ෂේත්‍රය දියුණු කරගත යුතුයි.

    අපේ රටට වාර්ෂිකව පැමිණෙන සංචාරකයින් මිලියන 2.5 ප්‍රමාණවත් වන්නේ නැහැ. අප දැන් වාර්ෂිකව සංචාරකයන් මිලියන 5ක් මෙරටට ගෙන්වා ගැනීමට ඉලක්ක කරගෙන සිටිනවා. ඉන් මිලියන 2.5ක් ඉහළ ක්‍රය ශක්තියක් සහිත සංචාරකයන් විය යුතුයි.ඉන්දියානු ඇස්තමේන්තුවලට අනුව ශ්‍රී ලංකාවට වාර්ෂිකව සංචාරකයින් මිලියන 10ක් පමණ ගෙන්වා ගත හැකි අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ආසියාවෙන් සහ ඉන්දියානු සාගර කලාපයෙන් පැමිණෙන සංචාරකයන්. එබැවින් සංචාරක ක්ෂේත්‍රය තුළ විශාල පරිවර්තනයක් ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

    අද මෙම තරගයට සහභාගී වූ මෙහි සිටින තරුණ තරුණියන් අතරින් බොහෝ පිරිසක් තවත් වසර තුනකින් පමණ ශ්‍රී ලංකාව හැර යාමට ඉඩ තිබෙනවා. ඔවුන් මෙරට රඳවා ගැනීමට නම් මාලදිවයිනේ හෝටල්වල ගෙවන වැටුපවත් ඔවුන්ට ගෙවිය යුතුයි. ඔවුන්ට මාලදිවයිනේ හෝටල්වල ගෙවන වැටුප ලබාදීමට නම්, ඔබ මාලදිවයිනේ හෝටල්වලට සමාන මුදලක් අය කළ යුතුයි. එසේ අය කිරීම සඳහා, ඔබ එම හෝටල්වල ලබාදෙන සේවාව ලබාදිය යුතුයි.

    අප ඉලක්ක කරන මිලියන 05ක හා මිලියන 10ක සංචාරකයන් දෙස බැලීමේ දී, ඒ අතර විවිධ වර්ගයේ සංචාරකයින් සිටිය හැකියි. සූපශාස්ත්‍ර සංචාරක ව්‍යාපාරයක් සඳහා අපේ රටට හොද පසුබිමක් තිබෙනවා. අපේ සංචාරක ක්ෂේත්‍රය තුළ සූපශාස්ත්‍ර සංචාරක ව්‍යාපාරය ඉලක්ක කරන්නේ නම් සංචාරකයන් විශාල ප්‍රමාණයක් ආසියාවෙන් අපේ රටට පැමිණෙනවා. අප ඒ පිළිබඳ ප්‍රමුඛ අවධානයක් යොමු කළ යුතුයි.

    ඒ සඳහා අප වැඩි වශයෙන් කාර්ය මණ්ඩල පුහුණු කළ යුතුයි. ඒ සඳහා අප සූදානම් විය යුතු අතර හෝටල් පාසල් වැඩිදියුණු කිරීම සඳහා ද අප අවධානය යොමු කර තිබෙනවා. ඒ වගේම පෞද්ගලික අංශය ද දායක කර ගනිමින් සූපශාස්ත්‍ර පාසලක් ආරම්භ කිරීමට ද රජය බලාපොරොත්තු වෙනවා.

    ආණ්ඩුව තනිව මේ සියලු දේ කරන තුරු බලා නොසිටිය යුතුයි. මේ සඳහා සියලුදෙනාගේ දායකත්වය අවශ්‍යයි. ඒ වගේම දැනට විවිධ ප්‍රදේශවල රජයේ සහ පෞද්ගලික සුපශාස්ත්‍ර පාසල් ක්‍රියාත්මක වෙනවා. ඒ අයටත් සහාය ලබාදිය හැකි ආකාරය පිළිබඳව අප සොයා බලනවා.

    අප Visit Sri Lanka නමින් නව සංචාරක සැලැස්මක් මෙම අගෝස්තු හෝ සැප්තැම්බර් මාසයේ දී එළිදැක්වීමට අපේක්ෂා කරනවා. එම කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින අතර එම කටයුතු අවසන් වූ වහාම එය එළිදැක්වීම අපේ අරමුණයි.

    මෙම තරගය සංවිධානය කළ සහ දීර්ඝ කාලයක් පුරා මෙය පවත්වාගෙන එන ඔබ සියලුදෙනාට මම ස්තූති කරනවා. ඒ වගේම මෙම තරගය සංවිධානය කිරීම පමණක් නොව හොඳ සූපශාස්ත්‍ර පාසලක් ස්ථාපිත කිරීමට ඔබ අපට සහාය වනු ඇතැයි ද මම විශ්වාස කරනවා. ඒ වගේම මම ඔබ සියලුදෙනාට සුබපතනවා.

    මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජොං ෆ්‍රැන්සුවා, , Bocuse d’Or ශ්‍රී ලංකා සභාපති රොහාන් ප්‍රනාන්දුපුල්ලේ, ඩෙල්මා තේ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඩිල්හාන් සී ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ( ජනාධිපති මාධ්‍ය ඒකකය )

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • English
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version