සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී ප්‍රතිඵල ලැබෙන තෙක් මාස තුනක පමණ කාලයේදී දරුවන්ට පාසල තුළදීම වෘත්තීය පාඨමාලාවක් හැදෑරීමේ අවස්ථාව ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙමගින් උසස් පෙළ හැදෑරිමක් සිදුනොකළ ද දරුවන්ගේ ඉදිරි වෘත්තීය ජීවිතය පිළිබඳ යම් සුරක්ෂිතාවක් ලබාගත හැකි බවට අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ ඩිප්ලෝමා හා සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේ ප්‍රකාශ කර තිබේ.














































