ප්‍රදේශ කිහිපයකට කෙටි පණිවිඩ මඟින් මාසික බිල්පත් ලබා දෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළ බව වාර්තා වේ .
එම මණ්ඩලය පවසන්නේ දකුණු කොළඹ, මහනුවර,පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලට මෙම කෙටි පණිවිඩ සේවාව 2023 ඔක්තෝම්බර් 01 වනදා සිට ක්‍රියාත්මක බවයි.
එමෙන්ම මෙම ක්‍රමය 2024 ජනවාරි 01 වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන බව ද එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කර තිබේ .














































