වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින පුද්ගලයින්ට අමතරව රෝහල් ඇතුළු අනෙකුත් ආයතනවලට ජලය බෙදා හැරීමට කටයුතු කරන බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එහි අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා කියා සිටියේ බවුසර් රථ යොදා ගනිමින් මෙම ජලය බෙදා දීමේ කටයුතු සිදු කරන බවයි.
මේ අතර වාරිමාර්ග අමාත්‍යාංශයේ ජල සම්පත් සැලසුම් අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.ආර්.එම් පෙරේරා මහතා පවසන්නේ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට ජනතාව කටයුතු කළ යුතු බවයි.














































