කොළඹ පොලිස්කණිෂ්ඨ නිළධාරින්ගේ සංගමයේ අවන්හලේ මත්පැන් වලට වතුර කලවම් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව කොට්ඨාස ලේකම් වරුන් විසින් විධායක සභාවට පැමිණිලි කර තිබෙන බව වාර්තා වේ .
විධායක සභාවේ නිලධාරීන් විසින් විමර්ශන සිදු කිරීමේදී එම ජාවාරමට අදාළ වීඩියෝ සහ ඡායාරූප සාක්ෂි රැසක් එක් රැස් කොට ගෙන ඇති බව විධායක සභාවේ නිලධාරීන් ප්‍රකාශ කර තිබේ .
මීට පෙරද අවස්ථා කිහිපයකදී මෙලෙස මත්පැන් වලට වතුර කලවම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව ද විධායක සභාව අනාවරණය කර ඇති බව සදහන් වේ.
මේ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකිරීමට පියවර ගෙන ඇති බව පොලිස් කණිෂ්ඨ නිළධාරින්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ .