English
සිංහල
22:33 සෙනසුරාදා, ඔක්තෝබර් 25, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    අපි සියලුදෙනා වැඩ කරන්නේ මේ රටේ සහ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්-– සාගල රත්නායක මහතා

    publisher 3 by publisher 3
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    දේශගුණික විපර්යාස අවම කර ගැනීමට අවධානය යොමු නොකළහොත් තිරසර ආර්ථික සංවර්ධන අරමුණු ඉටුකර ගත නොහැකියි.

    පැළ 10,000ක් සිටුවීමේ වැඩසටහනක් කොළඹ රාජකීය විද්‍යාලයෙන් ඇරඹේ

    දේශගුණික විපර්යාස අවම කර ගැනීමට අවධානය යොමු නොකළහොත් තිරසර ආර්ථික සංවර්ධන අරමුණු ඉටුකර ගත නොහැකි බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.

    සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ අද (23) පෙරවරුවේ කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති LEO Youth Vision 2048 සමාජය හා කොළඹ රාජකීය විද්‍යාලයීය LEO සමාජය එක්ව සංවිධානය කළ පැළ 10,000ක් සිටුවීමේ වැඩසටහනට සහභාගි වෙමිනි.

    හෙට(24) දිනයට යෙදී තිබෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර ඒ සඳහා අවශ්‍ය පැළ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන පාසල් වෙත ලබාදීම මෙහිදී සිදු කෙරිණි.

    LEO Youth Vision 2048 සභාපති සෙනුළ දීලන ඇතුළු LEO සාමාජිකයින් විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

    දේශගුණික විපර්යාස අවම කර ගැනීම ආර්ථික සංවර්ධනයට සහයක් වන බැවින් සියලුදෙනා ඒ පිළිබඳ අවබෝධයෙන් සහ කැපවීමෙන් කටයුතු කළ යුතු බව ද සාගල රත්නායක මහතා මෙහිදී පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා

    ගරු අධ්‍යාපන අමාත්‍යතුමනි, මෙම අවස්ථාවට සහභාගී වීමට මට ආරාධනා කිරීම පිළිබඳ මම ස්තූතිවන්ත වෙනවා. මේ ශාලාවේ සහ වේදිකාවේ මට පැරණි මතක රැසක් තිබෙනවා. බොහෝ කාලයක් ගතව තිබුණත් මම මෙම වේදිකාවට පැමිණි වාර ගණන ගණන් කළ නොහැකි යැයි මම විශ්වාස කරනවා. එදා අපි ශිෂ්‍යයන් ලෙස බොහෝ දේ කළ අතර රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයෙකු ලෙස, ක්‍රීඩාව ඇතුළු සියලුම විෂය බාහිර ක්‍රියාකාරකම් මෙන්ම ශිෂ්‍ය නායකයෙකු ලෙසත්, ප්‍රධාන ශිෂ්‍ය නායකයෙකු ලෙසත් මම බොහෝ අත්දැකීම් ලබා ගත්තා.

    ඒක මට මගේ දේශපාලන කටයුතුවලදී මහත් ශක්තියක් වුණා. මම හිතන්නේ වඩා හොඳ පෞරුෂයන් ආකර්ෂණය කරගැනීමට ඒ තුළින් හැකියාවක් ලැබෙනවා කියලා. ඉතින් ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙන්න කැමත්ත ප්‍රකාශ කරන තරුණ ශිෂ්‍යයන් දකින්න ලැබීම මට මහත් සතුටක් වුණා. එම සිසුන් අධ්‍යාපනයෙන් ඉදිරියට පැමිණ, අනතුරුව සමාජය තුළ උසස් මට්ටමින් කටයුතු කරමින් රටේ නායකත්වය ද ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

    රාජකීයයන් ලෙස පසුගිය දින කිහිපය අපට ඉතා හොඳ දින කිහිපයක් වුණා. අපි පසුගිය සෙනසුරාදා රෝයල්-තෝමස් මැච් එක දිනුවා. ඉන්පසුව සඳුදා, ජාතියක් ලෙස අපිට වැදගත් පුවතක් අසන්නට ලැබුණා. අපි තවදුරටත් බංකොලොත් රාජ්‍යයක් නොවන බවත් අපි දැන් එයින් ගොඩ එන බවටත් වූ ආරංචිය IMF මගින් අපට දැනුම් දුන්නා.

    IMF විධායක මණ්ඩලය විසින් විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන අනුමත කළා. බොහෝ අය සිතන්නේ IMF වැඩසටහන සමඟ අපට විශාල මුදලක් ලැබෙනු ඇති බවයි. අප ලබා ගැනීමට යන මුදලට වඩා, ඉතා සහනදායී මිල ගණන් යටතේ දීර්ඝ කාලයක් තුළ ආපසු ගෙවීමට සිදු වන ණයක් ආකාරයෙන් තමයි එය ලැබෙන්නේ.

    නමුත් ඊට වඩා ජාත්‍යන්තර ප්‍රජාව අපට ලබා දී තිබෙන විශ්වාසයේ මුද්‍රාව අගය කළයුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක් ඇතුළත් වෙනවා. නමුත් එය ඉතා දැඩි වැඩසටහනක් වන අතර බොහෝ රටවල් වසරක්, දෙකක් තිස්සේ එම සහනය ලබාගැනීමට උත්සාහ කළත්, තවමත් එය සාක්ෂාත් කර ගැනීමට නොහැකිව තිබෙනවා. කොවිඩ් සමඟ ඇති වූ මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සහ ඇතැම් රටවල ආර්ථිකය කොවිඩ් වලින් ඔබ්බට වැරදි ලෙස කළමනාකරණය කිරීම අප වැනි බොහෝ රටවල ආර්ථිකය පහත වැටීමට හේතු වුණා. නමුත් අපි තමයි මුලින්ම එම තත්ත්වයෙන් ගොඩඑමින් සිටින්නේ. නමුත් අපිටත් තව ගොඩක් දුර යන්න තිබෙනවා.

    වැදගත් වන්නේ අපි අපේ ප්‍රතිපත්ති සහ ආර්ථික රාමුව නිවැරදි කර ගැනීමයි. ශ්‍රී ලංකාවට පැමිණ ආයෝජනය කිරීමට ආයෝජකයන්ට පහසු විය යුතුයි. ශ්‍රී ලාංකිකයින්ට රට තුළ ආයෝජනය කිරීමට නම් විශ්වාසයක් තිබිය යුතුය. එය ඕනෑම ආයෝජකයෙකුට ලබා දෙන විනිවිදභාවයෙන් යුත් ක්ෂේත්‍රයක් බව සහ සම මට්ටමේ ක්‍රීඩා පිටියක් බවට විශ්වාසයක් ඔවුන් තුළ ඇතිවිය යුතුයි. ශ්‍රී ලංකාවට පැමිණ ගනුදෙනු කිරීමට අවශ්‍ය විශ්වාසය ඇතිකළ යුතුයි. එවැනි ආයෝජන වලින් තමයි අපේ ආර්ථිකය දියුණු කර ඔබ වැනි පරම්පරාවට හොඳ හෙට දවසක් උදා කර දෙන්න පුළුවන් වෙන්නේ.

    අපි මේ සියලු කටයුතු කරන්නේ ඔබ වෙනුවෙන්. මෙම අත්තිවාරම මත අපි ගොඩනඟන දේ, ඔබ සියලු දෙනා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ප්‍රතිලාභ අත්කරගත යුතුයි. ඔබ ඒ ගැන උනන්දු වී එයට සම්බන්ධ වීම ඉතා වැදගත් ය.

    රාජකීය විද්‍යාලයේ ලියෝ සාමාජිකයන් විසින් සම්බන්ධීකරණය කරන ලද, පැළ 10,000ක් සිටුවීමේ වැඩසටහනට අද සම්බන්ධ වීමට ලැබීම පිළිබඳ මම සතුටු වෙනවා. ගරු ජනාධිපතිතුමාගේ උපන්දිනය සනිටුහන් කරමින් එය සිදු කිරීම පිළිබඳ මම ඔබට ස්තුතිවන්ත විය යුතුයි.

    දේශගුණික විපර්යාස අනාගතයේදී තීරණාත්මක කාරණයක් වෙනවා. අපි ඒ ගැන අවධානය යොමු නොකරන්නේ නම් සහ එයින් ගොඩ ඒමට සවිඥානික උත්සාහයක් නොගන්නේ නම් ආර්ථික සංවර්ධනය හෝ පුනර්ජීවනය තාවකාලික එකක් වනවා. එය තිරසාර වැඩපිළිවෙලක් වන්නේ නැහැ.

    දේශගුණික විපර්යාස අවම කර ගැනීම ආර්ථික සංවර්ධනයට සහයක් වනවා. දේශගුණික විපර්යාස අවම කර ගැනීම සඳහා කැපවීමෙන් කටයුතු කරන බොහෝ පිරිසක් ලෝකයේ සිටින අතර ඔවුන් දිරිමත් කිරීම මෙන්ම ඔවුන්ට මූල්‍යමය වශයෙන් සහයෝගය දක්වීම සිදු කෙරෙනවා.

    මෙම මූල්‍ය අර්බුදයත් සමඟ පසුගිය මාස කිහිපය තුළ අපට අසන්නට ලැබුණු බැඳුම්කර වැනි මූල්‍ය මෙවලම් තරමටම එය දැන් මූල්‍ය මෙවලමක් බවට පත්ව තිබෙනවා. එබැවින් තරුණ පිරිස මෙහි නායකත්වය භාර ගැනීම පිළිබඳ මම ස්තූතිවන්ත වෙනවා. ඒ සඳහා කැපවී කටයුතු කරන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.

    කාර්යබහුලත්වය සමග විවිධ විෂය භාහිර කටයුතු, පාසල් සමිති අද අපෙන් ඈත් වී තිබෙනවා. මට මතකයි එදා අපි අතර බෞද්ධ සහෝදරත්වය සහ ඉන්ටරැක්ට් සමාජ තිබුණා, නමුත් පසුව තොරතුරු තාක්‍ෂණය සමඟ අපි පරිගණක සංගමයකට එක් වුණා
    දේශගුණික විපර්යාසවලට මුහුණදීම රාජකීයන් පමණක් නොව සියලුම පාසල්වල ඔබේ විෂය බාහිර ක්‍රියාකාරකම්වලට එක් කරගත හැකි දෙයක්. එබැවින් මම වැඩසටහන සම්බන්ධ වූ අනෙකුත් පාසල්වල ප්‍රධානීන්ට ලියෝ සෙනුල ඇතුළු කණ්ඩායමට නැවතත් මගේ ස්තූතිය පුදකරනවා. අද මෙම අවස්ථාවට මාව සම්බන්ධකර ගැනීම පිළිබඳ මම සියලුදෙනාට නැවතත් ස්තූතිය පුද කරනවා.

    ඒ වගේම මම ඔබ සියලුදෙනාට සුබ පතනවා. අපි සියලුදෙනා වැඩ කරන්නේ මේ රටේ සහ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. ඒ නිසා මෙම වැඩසටහන සමග සම්බන්ධව කටයුතු කරන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.

    අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති ආර්.එම්. රත්නායක මහතා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය සහ ප්‍රධාන ශිෂ්‍ය නායක කවීෂ රත්නායක ඇතුළු ශිෂ්‍යයන් මීට එක්ව සිටියහ.

    Tags: ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version