ඕනෑම මැතිවරණයකට තම පක්ෂය සූදානම් බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
“අපි ඕනෑම අවස්ථාවකදී මැතිවරණයකට සූදානම්. ජනාධිපතිවරණයට වුණත් අපි ලෑස්තියි.”
එහිදී විද්‍යුත් මාධ්‍ය නියාමන ආයතන, විකාශන අධිකාරී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ද මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කළ බව සදහන්.
“අපි දැක්කේ නෑ තාම. තාම නෑනේ, දැන් ඉතින් නිදහස් මාධ්‍යක් නේ තියෙන්නේ නේද ? “














































