අද්භූත බලවේගයක් සම්බන්ධයෙන් හටගත් බියකින් ඇති වූ මානසික ව්‍යාකූලතාවයක් හේතුවෙන් 12 හැවිරිදි දැරියක් ඇය පදිංචිව සිටි නිවසේ කාමරයක් තුළ ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙන බව වාර්තා වේ.
මෙලෙස සිය දිවි හානි කරගෙන ඇත්තේ කැලණිය , හිඹුටුවැල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි පාසල් සිසුවියකි.
පෑලියගොඩ පොලීසිය පවසන්නේ මෙම දැරිය සිය දිවි හානි කර ගැනීමට පෙර ලිපියක් ලියා ඇති බවත් , එහි ඇය පත්ව සිටි අපහසුතාවය සහ පවුලේ විස්තර සියලුම දෑ සටහන් කර තිබූ බවත් ය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු පෑලියගොඩ පොලීසිය විසින් සිදු කරනු ලබයි.














































