පොල්ගහවෙල ප්‍රදේශයේදී අද දින පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර්රථයේ සිටි පුද්ගලයන් හා තිබු දේ ගැන පොලීසිය වැඩි විස්තර වාර්තා කොට තිබේ.
ඒඅනුව අත්අඩංගුවට ගත් මෝටර් රථයේ පුද්ගලයන් දෙදෙනෙක්, කාන්තාවක් හා මසක් වයසැති දරුවකු සිටි බවත් ඔහුන් පොලිස් භාරයට ගෙන ඇති බවත් වාර්තාවේ.
පොලීසිය විසින් සිය භාරයට ගත් අය පරීක්ෂා කිරෙමෙදී ඔහුන් සන්තකයේ තිබී හෙරෝයින් මිලිග්‍රෑම් 12,190 ක් සොයාගත් බව පොලීසිය සදහන් කර ඇත.
අලුත උපන් මසක් වයසැති බිලිදා මෙම ජාවාරමට යොදාගෙන ඇත්තේ පොලීසිය නොමග යැවීමට බව පොලීසිය අනාවරණ කරගෙන තිබේ.















































