කෘෂිකර්මාන්ත ඇමති ලෙස මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සමයේ ලංකාවට ගෙන්වූ කාබනික පොහොර සදහා චීන සමාගමට මුදල් ගෙවා ඇත්තේ සියලුම පරීක්ෂණවලින් අසමත්ව, කෘෂිකර්ම අධ්‍යක්ෂක ජනරාල්වරයාගේද අනුමැතියෙන් තොරව බවට 2022 වාර්ෂික විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
එසේම 2021/2022 මහකන්නයේ අවශ්‍ය පොහොර මෙට්‍රික් ටොන් 96,000 ක් ආනයනය කර තිබෙන්නේ 1999 අංක 35 දරණ ශාක ආරක්ෂණ පනතට ප්‍රකාරව ශාක සනීපාරක්ෂක සහ ආනයන බලපත්‍ර ලබාගෙන නොමැතිව බවද වාර්තාව පෙන්වා දෙයි.
ඒ අනුව රටේ පවතින තත්ත්වයටද, රටේ ආර්ථිකයටද දැඩි හානියක් සිදුකරමින් ගෙන් වූ මෙම “චීන අසුචි” ලෙසින් අන්වර්තිත තත්ත්වයක් නැති කාබනික පොහොර වෙනුවෙන් ගෙවූ රුපියල් මිලියන 1,383 ක මහජන මුදලට වග කියන්නේ කවුද?.යන්න ප්‍රශ්නයකි.















































