මෙම දශකය තුළ ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු දිග ප්‍රදේශය , දකුණු යුරෝපය සහ අප්‍රිකාවේ බොහෝ ප්‍රදේශවල ඩෙංගු උණ නවතම තර්ජනයක් වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබෙන බව වාර්තා වේ.
එමෙන්ම ඩෙංගු උණ කාලයක් පුරා ආසියාව සහ ලතින් ඇමෙරිකාවේ බොහෝ ප්‍රදේශවල වසංගතයක් වී ඇති අතර ඉන් වාර්ෂිකව 20 , 000 ක් පමණ මිය යන බව ද සඳහන්.
මේ සම්බන්ධයෙන් ජගත් සෞඛ්‍ය සංවිධානය පවසන්නේ 2000 වසරේ සිට මේ දක්වා ඩෙංගු රෝගය ගෝලීව 8 ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවත් , මෙයට හේතුව වී ඇත්තේ කාලගුණ විපර්‍යාස සහ මිනිස් ක්‍රියාකාරකම් බවත් ය.
මීට අමතරව සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත්තේ 2022 වසරේ පමණක් ලොව පුරා ඩෙංගු රෝගීන් මිලියන 4.2 ක් වාර්තා වී ඇති බවත් , මේ වසරේ වාර්තාගත ඩෙංගු ව්‍යාප්තියක් සිදුවිය හැකි බවත් ය.