ලෝක වෙළෙදපොලේ බොරතෙල් මිල ඩොලර් 84 ත් 87 ත් මට්ටමක ස්ථාවර වීමක් ගතවූ සතිය තුළ දක්නට ලැබෙන බවට වාර්තා වේ.
මාර්තු මාසය අවසානයේ ඇමරිකානු ඩොලර් 77ක අගයක පැවති බොරතෙල් මිල අප්‍රේල් තුන්වනදා වන විට ඩොලර් 85 දක්වා ඉහළ ගොස් තිබේ.
ගතවූ වසරක කාලය සැලකීමේදී පසුගිය වසරේ ජූලි මස 29 වනදායින් පසු ලෝක බොරතෙල් මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් නැත.