අවසරයකින් තොරව අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමට යෑම තහනම් බව අද (30) මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .
අවසරයකින් තොරව අවාරයේ ශ්‍රී පාදය කරුණා කළ හැකි බවට පසුගිය දිනවල පළවූ මාධ්‍ය වාර්තා සත්‍ය නොවන බව ද ඔහු සඳහන් කරන ලදී .
2022-2023 ශ්‍රී පාද වන්දනා අවසන්වීමත් සමඟ ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ උපදෙස් පරිදි අවසරයකින් තොරව අවාරයේ ශ්‍රී පාදස්ථානය හැටන් මාර්ගය ඔස්සේ සහ රත්නපුර මාර්ගය ඔස්සේ කරුණා කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කර තිබූ අතර අවාරයේ ශ්‍රී පාදස්ථානය කරුණා කිරිමේදී අදාළ ආයතනවලින් අවසර ලබාගෙන ඒ පිළිබඳව නල්ලතන්නිය සහ රත්නපුර පොලිස් ස්ථාන දැනුවත් කළ යුතු බව වාර්තා වේ .
ලේකම්වරයා වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ මේ දිනවල ශ්‍රී පාදස්ථාන මළුව ප්‍රදේශයට කඩින්කඩ අධික වර්ෂාව පතිත වන බැවින් ශ්‍රී පාදස්ථානයට පිවිසෙන පියගැටපෙළ ඔස්සේ අධික ජල ධාරාවක් පහළට ගලාබසින නිසා ශ්‍රී පාදස්ථානය කරුණා කිරීම අවධානම් බවයි .













































