වසංගත රෝග විද්‍යා අංශය පවසා ඇත්තේ ඉකුත් වසරේ (2022) පෙබරවාරි මාසයේදී හා මෙම වසරේ (2023) පෙබරවාරි මාසයේදී වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සංසන්දනය කිරීමේදී මෙම වසරේ පෙබරවාරි මාසයේ වැඩි වීම ගත වූ දින 27 තුල පමණක් 2022 වර්ෂයේ පෙබරවාරි මාසයේ මෙන් දෙගුණයක් බවයි.
2022 වසරේ පෙබරවාරි මාසය තුළ දිවයිනේ ඩෙංගු රෝගීන් 2816 දෙනෙකු වාර්තා වී ඇතිබවයි වාර්තා වන්නේ.
මෙම වසරේ පෙබරවාරි මාසයේ ගතව ඇති දින 27ක කාලය තුළදී පමණක් දිවයිනෙන් වාර්තා වී තිබු ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 4057 දෙනෙකු බව එම අංශය ප්‍රකාශ කර තිබේ.
වසංගත රෝග විශේෂඥයෝ පවසන්නේ මෙම ඩෙංගු රෝගය තවදුරටත් පැතිරීම පාලනය කරගත හැක්කේ තම නිවස /ගෙවත්ත /තුළ හා අවට පරිසරය තුළ පවතින ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමෙන් පමණක් බැවින් ඒ සදහා අවශ්‍ය පියවර ගතයුතු බවයි.
2023 වසරේ ජනවාරි මස තුළදී වාර්තා වී ඇති මුළු ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 6915 දෙනෙක් බවත් ගත වූ මාස දෙක තුළදී දිවයිනෙන් ඩෙංගු රෝගීන් 10,972 දෙනෙකු වාර්තා වි ඇති බව සදහන්වේ.
ඉන් වැඩි ප්‍රමාණයක් වාර්තාවී ඇත්තේ පිලිවෙලින් කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1971 දෙනෙක් ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1786 දෙනෙක් ද පුත්තලම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1367 දෙනෙකුද වාර්තා වී ඇති බවයි සදහන් වන්නේ.














































