ඊයේ (27) සවස ගෝනගංආර පොලිස් වසමේ වගුරුවෙල ප්‍රදේශයේ වෙල් යායක පැලක සිටි පුද්ගලයින් දෙදෙනෙකුට අකුණු සැර වැදී ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ .
මොවුන් දෙදෙනා වෙල් යායේ වැඩ කරමින් සිට ඇති අතර වර්ෂාව නිසා අසල පිහිටි පැලකට ගොස් තිබේ. එම අවස්ථාවේ දී මෙලෙස අකුණු සැර වැදී ඇති බව සදහන්.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බුත්තල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 31 සහ අවුරුදු 32 යන වයස්වල පසුවන්නන් බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගෝනගංආර පොලීසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරයි.














































