මාධ්‍යවේදය තුලින් විනෝදාස්වාදය සමග ගලාගෙන යන කතන්දර ආවරණය කරමින් ප්‍රජාතන්ත්‍රවාදය පවත්වා ගැනීමට කාලය ගත කරන අතර වත්මන් තත්ත්වයන් ගැන පාඨකයන් දැනුවත් කිරීමට කටයුතු කරමින් ප්‍රවෘත්ති ලබා දීම සිදුකරයි. එසේම හඬක් නැති මිනිසුන් වෙනුවෙන් හඬ නැඟිය යුත්තේද මාද්‍ය විසිනි.
එසේම මෙම කලාව තුලින් විලාසිතා, ආහාර, සංගීතය, අධ්‍යාපනය, චිත්‍රපට සහ ආගම මේ සියල්ලෙහිම ඇති වටිනාකම් සමාජයට මුදාහැරිය හැකි අතර ජාති, ආගම්, කුල, පක්ෂ, පාට ආදිය වෙනුවෙන් බෙදීම් කිරීමට සැබෑ මාධ්‍යවේදීන් කටයුතු නොකරයි.
ප්‍රවෘත්ති මාධ්‍යවල සමාජ වගකීම් වන්නේ ප්‍රවෘත්ති වාර්තා කිරීම පමණක් නොව ඒවායෙහි සමාජ පැතිකඩයන් මෙන්ම නීතියානුකූල තත්වයන්ද ඉදිරිපත් කිරීමයි. එය හැකි තාක් දුරට නොකරන්නේ නම් පුවත්, පුවත් ලෙසම පවතිනු ඇත. සැබෑ මාධ්‍යවේදීන් හැකි තාක් දුරට තම යුතුකම ඉටුකරන බවද පැහැදිලිවම දක්නට තිබේ.
ප්‍රවෘත්ති වාර්තා කිරීමට තරම් සත්‍යයට සමීප පුවත් වාර්තා නොකරන්නේ නම් හෝ ඒවා ලාභය වෙනුවෙන් පමණක් කටයුතු කරන්නේ නම් විශාල ජනකායක් දුක් විඳීමට ඉඩ තිබෙන බැවින් මාධ්‍යවේදියා හෝ ආයතන ලාභය වෙනුවෙන් පමණක් කටයුතු නොකළ යුතු බව සඳහන් වේ. සැබෑ මාධ්‍යවේදියා යනු සමාජ විද්‍යාඥයෙකි. රහස් පරීක්ෂකවරයෙකි. වටිනා ඔත්තුකරුවෙකි. පාවා නොදෙන්නෙකි. ඔහු තම අකුරු ලියමින් හඬ අවදි කරනුයේ සමාජ උන්නතිය වෙනුවෙන් පමණි. එහිදී ඔහුට මරණයට වැඩ යුක්තිය වටි. ශ්‍රී ලංකාවේ වර්තමාන විනාශය වෙනුවෙන් 50%ක් පමණ මාධ්‍ය ආයතනද වග කිව යුතු බවටද චෝදනා එල්ල වේ. මාධ්‍ය ආයතනයක් හදුන්වා ඇත්තේ “ 4 වැනි ආණ්ඩුව” ලෙසයි.
මාධ්‍යවේදය ශ්‍රී ලංකාවට කෙතරම් ප්‍රබලද යත් ආණ්ඩු හදන්නේද, නැතිකරන්නේද සේම සම්පූර්ණයෙන්ම දේශපාලන පක්ෂ සේ කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ එසේ වුවත්, ලෝකයේ වෙනත් රටවල් වල නම් එවැනි තත්වයක් ජනමාධ්‍ය ආයතන තුලින් දක්නට නැත. කෙසේ වුවත් ශ්‍රී ලංකාව පුරා විශිෂ්ඨ මාධ්‍යවේදීන් සිටින නමුත් ඔවුන්ට වැඩ කිරීමට සිදුව තිබෙන්නේ “ මුදලාලි පන්තියේ” මාධ්‍ය ආයතන සමග නිසා තමන්ගේ හඬ ජනතාව වෙනුවෙන් ප්‍රකාශ කිරීමට නොහැකිව සිටිති.
මාධ්‍යවේදයේ තිබෙන ප්‍රබලත්වය නිසාම මෙන්ම එයින් සමාජය ගොඩනැගීම වෙනුවනේ සිදුකල හැකි මෙහෙවර නිසාම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මැයි 3 ලෝක මාධ්‍ය නිදහස් දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. මාධ්‍ය නිදහසේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සහ මාධ්‍ය අයිතියට ගරු කිරීම සහ ආරක්ෂා කිරීම සඳහාද, රජයන්ට ඔවුන්ගේ යුතුකම මතක් කිරීම සදහාද, 1948 මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 19 වැනි වගන්තිය යටතේ අන්තර්ගත ප්‍රකාශනයේ නිදහස තහවුරු කිරීම වෙනුවෙන් මෙසේ අන්තර්ජාතික මාධ්‍ය නිදහස් දිනයක් නම් කර තිබේ.
සෑම වසරකම ලෝක මාධ්‍ය නිදහස දර්ශකය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ දේශසීමා රහිත වාර්තාකරුවන් විසිනි. 2002 සිට එම සංවිධානය විසින් පෙර වසරේ රටවල මාධ්‍ය නිදහස පිළිබඳ වාර්තා පිළිබඳ තමන්ගේම තක්සේරුව මත පදනම්ව වාර්තා කරන ලදී. එය එක් එක් රටවල මාධ්‍යවේදීන්ට, ප්‍රවෘත්ති සංවිධානවලට සහ ජාලකරණයන්ට ඇති නිදහසේ තරම සහ මෙම නිදහසට ගරු කිරීමට බලධාරීන් ගන්නා උත්සාහයන් පිළිබිඹු කිරීමට අදහස් කරයි.
යුනෙස්කෝ සංවිධානය විසින් UNESCO/Guillermo Cano World Press Freedom ත්‍යාගය ප්‍රදානය කිරීම මගින් ලෝක මාධ්‍ය නිදහස දිනය සලකුණු කරයි. 1997 දී නිර්මාණය කරන ලද මෙම ත්‍යාගය පිරිනමනු ලබන්නේ පුවත් වෘත්තිකයන් 14 දෙනෙකුගෙන් යුත් ස්වාධීන ජූරි සභාවක නිර්දේශ මතය. මාධ්‍ය නිදහස සඳහා කටයුතු කරන කලාපීය සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සහ යුනෙස්කෝ සාමාජික රටවල් විසින් මේ සඳහා නම් ඉදිරිපත් කරනු ලැබේ.
ත්‍යාගය නම් කර ඇත්තේ 1986 දෙසැම්බර් 17 වන දින එල් එක්ස්පෙක්ටඩෝර් හි තම කාර්යාල ඉදිරිපිටදී ඝාතනය කරන ලැබූ කොලොම්බියානු මාධ්‍යවේදියෙකු වූ ගිලර්මෝ කැනෝ ඉසාසාට ගෞරව කිරීම සඳහා ය. කැනෝගේ ලේඛන කොලොම්බියාවේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සිත් රිදවීමට හේතු විය. එම හේතුවෙන් ඔහුව මරා දැමීමට කටයුතු කරන ලදී. සියලු මාධ්‍යවේදීන් මරා දැම්මත්, නැවත නැවත එවැනිම මාධ්‍යවේදීන් සමාජයට බිහි වීම වැළක්විය නොහැකි බව වටහාගැනීමට තරම් බුද්ධියක් ඔවුන් සතුව නැති බැවින් එසේ සිදු වේ. එසේම අපරාධකරුවන්ට අසාධරණයක් සිදු වූ විට ඔවුන් වෙනුවෙන් හඬක් නගන්නේද මාධ්‍යවේදීන් විසිනි.
ලොව පුරා මාධ්‍ය නිදහසේ තත්ත්වය තක්සේරු කිරීමට සහ අභියෝගවලට විසඳුම් සෙවීමට මාධ්‍ය වෘත්තිකයන්, මාධ්‍ය නිදහස පිළිබඳ සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන එක් කර ගනිමින් යුනෙස්කෝව සෑම වසරකම ලෝක මාධ්‍ය නිදහස දිනය සලකුණු කරයි. මෙහිදී සෑම සම්මන්ත්‍රණයක්ම කේන්ද්‍රගත වී ඇත්තේ යහපාලනය, ත්‍රස්තවාදය පිළිබඳ මාධ්‍ය ආවරණය, දණ්ඩමුක්තිය සහ පශ්චාත් ගැටුම් රටවල මාධ්‍ය භූමිකාව ඇතුළු මාධ්‍ය නිදහස සම්බන්ධ තේමාවක් මත ය.
2022 මැයි 2 සිට 5 දක්වා , යුනෙස්කෝව සහ උරුගුවේ ජනරජය විසින් වාර්ෂික ලෝක මාධ්‍ය නිදහස් දින ගෝලීය සමුළුව උරුගුවේ පුන්ටා ඩෙල් එස්ටේ හි දෙමුහුන් ආකෘතියකින් ලෙස මේ වන විටත් ආරම්භ කර තිබේ . “ඩිජිටල් වැටලීම යටතේ ජනමාධ්‍යවේදය” යන තේමාව යටතේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව, තොරතුරු වෙත ප්‍රවේශය සහ පෞද්ගලිකත්වය කෙරෙහි ඩිජිටල් යුගයේ බලපෑම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරේ.
මෙවර ලෝක මාධ්‍ය නිදහස් දිනය වෙනුවෙන් වැඩසටහන් පැවැත්වෙන ආකාරය පිලිබඳව විස්තර පහතින් ගන්න.














































