මෙම වසරේ මුල් මාසයේ සිට ක්‍රියාත්මක කරනු ලබන පුද්ගල ආදායම් බදු සදහා විනිසුරුවරුන්ගෙන් බදු ඇය කර ගැනීම වලක්වාලමින් අභියාචනාධිකරණය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.
අභියාචනාධිකරණය ද්විපුද්ගල විනිසුරුවන් වන සෝභිත රාජකරුණා , ධම්මික ගනේපොල යන විනිසුරුවන් මගින් වින්ශ්චකරුවන්ගේ සංගමය විසින් කරණ ලද රීට් පෙත්සම සලකා බලමින් මෙම නියෝගය නිකුත් නිකුත් කර ඇති බව සදහන් වේ.
ඒ අනුව මෙම වසරේ මුල්මසය සදහා විනිසුරුවන්ගේ වැටුපින් අඩුකර ගත් ආදායම් බදු අතිකාරම් චෙක්පත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත යැවීම තාවකාලිකව නවත්වන ලෙස හා 2017 අංක දරණ දේශීය ආදායම් පනත යටතේ නව ආදායම් බදු සංශෝධනවලට අනුව අයකර ගැනීමට නියමිත බදු අයකර නොගන්නාලෙසත් දන්වා අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිලිබදව අමාත්‍යංශයේ ප්‍රධාන මුල්‍ය නිලධාරියා සියලුම අධිකරණ ගණකාධිකාරීවරුන් සහ රෙජිස්ට්‍රර්වරුන් වෙත ලිපි යොමු කර ඇති බව සදහන් වේ.















































