ගම්පොළ, ගල්ගෙඩියාව ප්‍රදේශයේදී බෑවුමකින් ඇද වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
එලෙස මියගොස් ඇත්තේ, කිරින්ද, හොඬියාදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි පුද්ගලයෙකි.
මරණකරු ඊයේ (19) අනෝදා ගෙඩියක් අහුලා ගැනීමට යාමේදී එම ස්ථානයේ ඇති ගල් සහිත බෑවුමකට ඇද වැටී ඇති බවට අනාවරණය වී ඇත.
මෘත ශරීරය ගම්පොළ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.














































