මෙරට මාසික ත්‍රිපෝෂ අවශ්‍යතාව පැකට් ලක්ෂ 19 ක් වන අතර අප්‍රේල් මාසය දක්වා අවශ්‍ය ත්‍රිපෝෂ සපයා ඇති බව ත්‍රිපෝෂ සමාගමේ සභාපති කීර්ති කුලරත්න මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ත්‍රිපෝෂ සමාගම මගින් නියමිත ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි ත්‍රිපෝෂ නිශ්පාදනය කරන බවත් , බඩ ඉරිගු මෙට්‍රික් ටොන් 1200 ක් සහ සෝයා බෝංචි මෙට්‍රික් ටොන් 350 ක් ලෝක ආහාර සංවිධානය විසින් ලබා දුන් බවත් සභාපතිවරයා සදහන් කොට තිබේ.
එමෙන්ම සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන සායන සදහා අවශ්‍ය ත්‍රිපෝෂ තොග සැපයීමට පියවර ගෙන ඇති බවත් , මෙරට වෙසෙන ළමා , ළදරු , කිරි දෙන මව්වරු සහ ගැබිණි කාන්තාවන් සදහා අවශ්‍ය කරන ත්‍රිපෝෂ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය මගින් සපයන බවත් සභාපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කොට තිබේ.














































