වත්තල නගරයේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 02යි ග්‍රෑම් 579ක් සමග සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 51ක පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැටලීම පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකර ඇත.
ඒ අනුව අදාළ සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.
වත්තල පොලිසිය විසින් සැකකරුට මෙම මත්ද්‍රව්‍ය ලබාදුන්නේ කවුරුන්ද සහ සැකකරු විසින් මෙම මත්ද්‍රව්‍ය අලෙවි කරන්නේ කා හට ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.













































