අරලිය ගහ මන්දිරය ඉදිරිපිට “නෝඩීල්ගම” නමින් තවත් ගම්මානයක් නම් කිරීමට අරගලකරුවන් කටයුතු කර තිබේ.
ඒ අනුව, එහි ඉදිකිරීම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි සමාජ ක්‍රියාකරියෙකු වන අනුරුද්ධ බණ්ඩාර මහතා සිය ෆේස්බුක් ගිණුමේ වීඩියෝවක් පළකරමින් සඳහන් කර ඇත.
පත්වන සියලු නායකයින් ජනතාවට වගකිව යුතුය යන අරමුණින් “නෝ ඩීල් ගම” පිහිටුවන බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.













































