- නදීරා රට පැනීමේ සූදානමක.
- ස්වාධීන පරීක්ෂණ සහ විදේශ ගමන් තහනමක් ඉල්ලමින් රණවිරු සංවිධාන කොළඹට.
- අපි වෙනුවෙන් අපි කාටද ?
- ආරක්ෂක ලේකම්ට හමුදාව ඇතුළින්ම විරෝධතා!.
වර්තමාන ආරක්ෂක ලේකම්වරයා මහජනතාවට වගකිව යුතු තනතුරක සිට, නීතිවිරෝධී ලෙස කටයුතු කරන්නේ නම් ඔහු එම තනතුරට නුසුදුසු බවද, එයට සුදුස්සෙක් පත් කරන ලෙසද රටේ වගකිව යුතු පාර්ශව ගණනාවක්ම ඉල්ලා තිබේ. ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව, යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් අපට එවා තිබෙන තොරතුරු රාශියක් අප මීට පෙර පල කර තිබේ. කෙසේ නමුත් එම චෝදනා පිළිබඳව, නීත්‍යානුකූල ලෙස පිළිතුරු ලබා දීමට ඔහු අපොහොසත්ව තිබේ. නමුත් ඔහු තමන්ට ලබා දී තිබෙන මහජන බලය භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස තවමත් කටයුතු කරමින් සිටින්නේ, නීතිය නොදත් ආරක්ෂක ලේකම්වරයෙකු ලෙසිනි. මේ අතර ඔහුට විරුද්ධව තවත් තොරතුරු රාශියක් අප වෙත එවා තිබෙන්නේ සාක්ශි සහිතවමය. එසේම ආරක්ෂක ලේකම්වරයා විසින් අපගේ ආයතන හිමිකරුට පවරන බව පැවසෙන නඩුව වාචික සාක්ෂි ලබා දීම සඳහා යුද හමුදා නිලධාරීන් සහ විශ්‍රාමික හමුදා නිලධාරීන් රාශියක්ම ඉදිරිපත්ව සිටී.
“අපි වෙනුවෙන් අපි” අරමුදල කා වෙනුවෙන්ද?.
තිස් වසරක කුරිරු යුද්ධයෙන් මියගිය වීරෝධාර සෙබලුන්ගේ ළඟම ඥාතීන්ට , ආබාධිත විවාහක රණවිරුවන්ට මෙන්ම 2009 . 5 . 18 ට පෙර යුද හමුදාවට බැඳී ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටි විවාහක රණවිරුවන් හට පූර්ණ නිවාස , අර්ධ නිවාස සහ මෙත් සෙවන නිවාස යෝජනා ක්‍රම යටතේ තමා සතු භූමියක නිවසක් ඉදිකර ගැනීම සඳහා ආධාර මුදල් ලබාදීම “අපි වෙනුවෙන් අපි” අරමුදල යටතේ සිදුවේ.
තවද මෙම යෝජනා ක්‍රම ත්‍රිත්වය සඳහා වෙන වෙනම ව්‍යවස්ථාවන් සහ සපුරාලිය යුතු සුදුසුකම් ඉතා පැහැදිලිව සඳහන් කර තිබේ.
මේජර් නදීරා විජේසිංහ එම සුදුසුකම් සැපිරු වේද ?
යුද්ධයෙන් මියගිය රණවිරුවෙකුගේ ළඟම ඥාතියෙකු නොවන ක්‍රියාන්විත රාජකාරියේ යෙදී නොසිටි ආබාධිතයකු නොවන මෙන්ම නදීරා විජේසිංහ යනු අවිවාහක කාන්තාවක් බවද කියයි. මෙම ආධාර මුදල ලබාගැනීමට කිසිසේත්ම අවම සුදුසුකම් වත් මෙම මේජර්වරිය සපුරා නොමැති බවද යුද හමුදා නිලධාරීන් ප්‍රකාශ කරයි.
එසේ නම් ඇයට මිලියන 1.5 ක් දුන්නේ කෙසේද ?
මෙම මේජර්වරිය ආරක්ෂක ලේකම්වරයාව ඉතා සමීපව ඇසුරු කරන්නියක් වන බවද, එම සම්බන්ධතාවය මත ආරක්ෂක අමාත්‍යාංශයේ “යළි දකිමු දීඝවාපි” ගිණුම භාරව කටයුතු කළ අතර ගණකාධිකාරිනියක් නොවන ඇයට එම ගිණුම් පාලනය කිරීමට බාර දී තිබේ. එවැනි අයෙකුට කෝටි ගණනාවක ගිණුමක් පාලනය කිරිමට බාර දීමම වැරදි බව පැහැදිලිය. කෙසේ නමුත් ආරක්ෂක ලේකම්වරයා ලබා දෙන රාජකාරියක් සිඳු කිරීමට ඇයට සිදු වේ. වරද කර තිබෙන්නේ ආරක්ෂක ලේකම්වරයා විසිනි. ඔහුගේ වරද නිසා මෙම කාන්තාවටද දැඩි හානියක් සිඳුව තිබේ.
මේජර් නදීරාට චෝදනා
ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායේ හතරවන ඒකකයට අයත් මෙම නිලධාරිනිය තමා විවාහක බවට ව්‍යාජව සැකසු කූඨ ලිපි ලේඛන ග්‍රාම සේවකයෙකු හරහා යුද හමුදාවට ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ එවක අණදෙන නිලධාරීව සිටී ලුතිනන් කර්නල් චින්තක පෙරේරා හට නිරීක්ෂණය වී ඇයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී ආරක්ෂක අමාත්‍යාංශයේ අදිසි හස්තය ක්‍රියාත්මක වී ඇයට නීතිය ක්‍රියාත්මක නොකර එම ආධාර අයදුම්පත සහතික කර ආරක්ෂක අමාත්‍යංශය වෙත එවන ලෙසටත් එසේ කිරීමට අපොහොසත් වුවහොත් වහාම ක්‍රියාත්මක වන පරිදි අණදෙන නිලධාරී තනතුරෙන් ලුතිනන් කර්නල් චින්තක පෙරේරා ඉවත් කරවන බවටත් තර්ජනාත්මක බලපෑම් එල්ල කර තිබෙන බවද ප්‍රකාශ කරයි.
අනීතික අණක් ක්‍රියාත්මක කිරිමට යුද හමුදා නිලධාරීන් බැඳී නොසිටින පසුබිමක මෙම අණදෙන නිලධාරිවරයා කූට ලේඛන සැකසීම පිළිබඳව චෝදනා එල්ලවී තිබූ මේජර්වරියට එරෙහිව කටයුතු නොකර ලේඛන යවා තිබෙන බවද කියයි.
මෙම සාමූහික මංකොල්ලයේ ප්‍රතිඵලයක් ලෙස “අපි වෙනුවෙන් අපි” අරමුදලේ රූපවාහිනි දැන්වීමට පෙනී සිටි යුද්ධයෙන් දෙඅත් සහ පාදයක් අහිමි වූ කෝප්‍රල් තේජාන් හට තඹ සතයක ආධාරයක් නොදුන් “අපි වෙනුවෙන් අපි” අරමුදලින් මිලියන 1.5 ක මුදලක් නිවස ඉදිකිරීමේ ප්‍රගති වාර්තා කිසිත් නොමැතිව මාස තුනක් වැනි කෙටි කාලයක් තුළදී මෙසේ කූට ලේඛන සකසා මුදල් ලබාගෙන තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශයෙන් ගැලවූ නදීරා කොහුවල හංගලා..
ලේකම්වරයා සහ මැයගේ අනීතික ක්‍රියා සබැඳිව සමාජය තුළ කතිකාවතක් ගොඩ නැඟුණු පසුබිමක කොහුවල ප්‍රදේශයේ ස්ථාපිත ආධුනිකයන් බදවා ගැනීමේ යුද හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත මැයව අනියුක්ත කර ඇත.
මේජර් නදීරා රට පනී?
ඉදිරි මස තුළ මෙම නිලධාරිනිය ස්විස්ටර්ලන්තයට සහ පිලිපීනයට පිටත් කර හැරීමට පිඹුරුපත් සකස් කරමින් සිටින අතර යළි දකිමු දීඝවාපි කෝටි ගණනක මුදල් මැය එම ගිණුම භාරව පත් කළ තැනැත්තා සහ මැය විසින් එකතුව මංකොල්ලකෑ වේද යන්න පිළිබඳ සාධාරණ සැකයක් සමාජය තුළ මතුව ඇති පසුබිමක එම ගිණුම් සියල්ල විගණකාධිපති යටතේ ස්වාධීන විගණනයට ලක් කිරීමට මත්තෙන් ඇයට රටෙන් පිටවීමට අවසර දීම අවදානම් නොවේද ? යන්න, යුද හමුදා නිලධාරීන් ප්‍රශ්න කරයි.
අසරණ රණවිරුවන්ගේ පිළිසරණ පිණිස වූ “අපි වෙනුවෙන් අපි ” අරමුදල මංකොල්ල කමින් ඇගේ නිවාස ඉදිකිරීමට ඇයි කියමින් මිලියන 1.5 ක මුදලක් වංචා කළ පසුබිමක ඉදිරි මස තුළ විදේශගත වී ස්විස්ටර්ලන්තය වැනි සුපිරි විදේශීය රටක ජීවත් වීමට මුදල් ඉපයූ ආකාරය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් හා විමර්ශන කොට්ඨාශය මගින් පරීක්ෂණයක් ආරම්භ කළ යුතු නොවේද?. යුද හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලදාරීන් ප්‍රශ්න කරයි.
පරීක්ෂණ පවත්වා විදේශ ගමන් තහනම් පත්කරන තුරු රණවිරු සංවිධාන අඛණ්ඩ උපවාසයේ….
ඉදිරි සතිය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සහ විගණකාධිපති දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ඉදිරිපත් කරමින් ව්‍යවස්ථාවන් අමු අමුවේ උල්ලංඝනය කර “අපි වෙනුවෙන් අපි” අරමුදල අවභාවිතා කරමින් මේජර් නදීරා විජේසිංහ මිලියන 1.5 ක ආධාර මුදලක් වංචා කිරීම සහ ඊට සෘජුව සහ වක්‍රව සම්බන්ධ සියල්ලන්ටම නීතිය එකසේ ක්‍රියාත්මක කිරීම මෙන්ම “අපි වෙනුවෙන් අපි” ,”යළි දකිමු දීඝවාපී” සහ “සඳහිරුසෑ” අරමුදල් විගණකාධිපති යටතේ විනිවිදභාවයකින් ස්වාධීන විගණනයක් සිඳු කිරීම ඉල්ලීම් මුල්කරගත් රණවිරු සංවිධාන මෙම අනීතික ක්‍රියා සබැඳිව ස්වාධීන පරීක්ෂණයක් පත්කර මේජර් නදීරා විජේසිංහ හට විදේශ ගමන් තහනමක් පණ වනතුරු කොළඹදී අඛණ්ඩ උපවාසයක නිරත වීමට ඉඩ තිබෙන බවද අපට වාර්තා වේ.
ජනාධිපතිතුමනි
විධායක ජනාධිපතිවරයා ආරක්ෂක ඇමැතිවරයා මුදල් අමාත්‍යවරයා සේනාධි නායකයා ලෙස “නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ” තත්ත්වයක් යටතේ යුක්තිය සාධාරණය ඉෂ්ට කිරීමට ඔබවත් මෙම අනීතික ක්‍රියා සබැඳිව සොයා බලා වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට උපදෙස් සහ අණ ලබාදිය යුතු නොවන්නේද ?..
එසේම පරීක්ෂණ කටයුතු අපක්ෂපාතීව විනිවිදභාවයකින් යුතුව සාර්ථකව සිඳු කිරීමටත්, ආරක්ෂක ලේකම්වරයාටත් , අනෙකුත් දූෂිත නිලධාරීන්ටත් එරෙහිව කටයුතු කරන ලෙසත්, ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
රාවණා සටහන.
ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව, අප මෙතෙක් පලකර තිබෙන සියලුම පුවත් සඳහා ඔහු නඩු පවරන්නේ නම් ඒ සඳහා මුහුණ දීමට අවශ්‍ය සාක්ෂි සිය ගණනාවක් අප සතුව තිබේ. නමුත්, රටේ පවතින මාධ්‍ය නීතියට අනුව ඒවා සඳහා පිළිතුරු ලබා නොදීමෙන්ම, පෙන්වා දෙන්නේ ඔහුට රටේ නීතිය වැඩක් නොවන බවයි. නමුත් ඒවාට නිසි ලෙස පිළිතුරු ලබා දී, එයින් එය නිවැරදි කරගැනීමට තව දුරටත් ඔහුට අවකාශ තිබේ. ඔහු එය නිවැරදි කර නොගන්නා තාක් කල් ඔහු එම වැරදි කර තිබෙන බව පිළිගෙන සිටින බව නීතිමය සිද්ධාන්තය බව අප තව දුරටත් සටහන් කර තබමු. ඒ හැර ඔහුගේ අනීතික ක්‍රියාවලට අප කිසිවිටෙකත් බිය නැති බවද අවධාරණය කරන්නෙමු.















































