ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තා අනුව ලොව ආහාර උද්ධමනය ඉහළම මට්ටමක පවතින රටවල් අතුරින් ශ්‍රී ලංකාව 10 වන ස්ථානය දක්වා පහළ බැස ඇති බවට වාර්තා වේ.
ලොව වැඩිම ආහාර උද්ධමනය පවතින රට ලෙබනය වන අතර එය 139%කි. ඒ අනුව 59% ආහාර උද්ධමනයක් පවතින ශ්‍රී ලංකාව එම ලැයිස්තුවේ දසවන ස්ථානයේ පසුවන බව ලෝක බැංකු දත්ත අනාවරණය කරයි.














































