වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් කිහිප දෙනෙකු ඉතාලියේ මිලානෝ නගරයට ආසන්නයේ පිහිටි ගංගාවක දිය නෑමට ගොස් සිටියදී පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
එහිදී 25 හැවිරිදි වියේ පසු වූ තම පුත්‍රයා දියේ ගසාගෙන යනු දුටු 60 හැවිරිදි වියේ පසු වූ පියා ජලයට පැන ඇති අතර එහිදී ඔවුන් දෙදෙනාම සැඩ පහරට හසුව දියේ ගිලී ඇති බව සදහන්.
ඉන්පසු පැමිණි එරට ආරක්ෂක අංශ කිමිදුම් කණ්ඩායම් විසින් දියේ ගිලී මියගොස් සිටි පිය පුතු දෙපළගේ සිරුරු ගොඩගෙන තිබේ.
ඔවුන් දෙදෙනාගේ සිරුරු එරට රෝහලක තැන්පත් කර ඇති අතර ඔවුන්ගේ අවසන් කටයුතු එරටදී සිදු කරනු ඇති බවට ඥාතීන්ගේ ආරංචි මාර්ග සදහන් කරයි.














































