English
සිංහල
17:26 සඳුදා, ජූනි 1, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ඉතිහාසයේ විශිෂ්ඨතම පොලිස් සහ හමුදා මෙහෙයුම.

    Ravana by Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන ජාවාරම්කරුවන් කොටු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය ඊයේ (ජන. 29) උදය වරුවේ බස්නාහිර සහ දකුණු පළාත් තුළ කරන ලද පැය 7ක විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 285 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය.

    මෙය ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මෑත ඉතිහාසයේ සියලු ම විමර්ශන ඒකක සම්බන්ධීකරණයෙන් කළ සුවිශේෂී මෙහෙයුමකි.

    මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා පොලිසියත් විශේෂ කාර්ය බළකායත් මූලිකත්වය ගත්තේ ය.

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ගුවන් හමුදාව සහ බුද්ධි අංශ සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මෙහෙයුමට සහාය දැක්වීය. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ ඍජු අධීක්ෂණය සහ මගපෙන්වීම යටතේ මෙම සුවිශේෂී මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණි.

    මීට සති කිහිපයකට පෙර සිට බුද්ධි අංශය සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් කරන ලද රහස්‍ය සැලසුමකට අනුව බස්නාහිර පළාත සහ දකුණු පළාත තුළ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන ජාවාරම්කරුවන් හඳුනා ගැනීමට රහසිගත බුද්ධි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබිණි.

    මෙම බුද්ධි මෙහෙයුමේ මූලික අරමුණ වූයේ, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් කොටු කර ගැනීමට වඩා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හඳුනාගැනීම ය. එම තොරතුරු ඔස්සේ මෙම ඒකාබද්ධ මෙහෙයුම ඇරඹුණේ ඊයේ අලුයම පහට ය. ඒ සඳහා ඩ්‍රෝන කැමරා සහ හෙලිකොප්ටර් යානා යොදා ගෙන තිබිණි. මෙහෙයුම කරන කාලය තුළදී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නවුන්, සංවිධානාත්මක අපරාධකරුවන් පළා යාම වළකා ගැනීම සඳහා ගුවන් හමුදාව විසින් එම ඩ්‍රෝන කැමරා සහ හෙලිකොප්ටර් යානා යොදාගෙන තිබීම දැකිය හැකි විය.

    උදෑසන හය හත වෙද්දී බස්නාහිර පළාතේ හඳුනාගත් ස්ථාන වටලනු ලැබූ අතර සෝදිසි මෙහෙයුම් දිගින් දිගට ම පොලිස් කණ්ඩායම් විසින් කරනු ලබද්දී විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කෙළින් ම හඹා ගොස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නන් අත්අඩංගුවට ගන්නා අයුරු දකින්නට ලැබිණි.

    ජාවාරම්කරුවන් පළායන්නේ ද යන්න දැක ගැනීම සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානාවල නැගුණු ගුවන් භටයන් අධිතාක්ෂණික කැමරා උපයෝගි කර ගනිමින් ගුවනේ සිට නිරීක්ෂණය කරන්නට විය. ඊට අමතරව ඩ්‍රෝන කැමරා ද කොළඹ හා ඒ අවට අහස් කුස තුළ සැරිසරන අයුරු දැකගත හැකි විය. මෙම මෙහෙයුමේ විශේෂත්වය වූයේ සියලු ම ආරක්ෂක අංශ නිලධාරීන් එකිනෙකාට සම්බන්ධ වෙමින් ක්‍රියාකිරීම ය. එය ද මෑත ඉතිහාසයේ දක්නට ලැබූ සුවිශේෂී සිදුවීමකි.

    මෙම මෙහෙයුම රහස්‍ය සැලසුමකට අනුව එක වර ම ක්‍රියාත්මක වීම නිසා බොහෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සිය නිවෙස්වලින් සහ තිප්පොළවලින් පැන යාමට නොහැකි විය. කෙසේ වෙතත් දහවල් 12.00ට ආසන්න වෙද්දී ඒ ඒ වසම් තුළ ස්ථාපනය කර ඇති පොලිසිවලට අල්ලාගත් සැකකරුවන් කොටු කර ගනු ලැබීය. මෙම මෙහෙයුම නිසා ප්‍රාදේශීය පොලිස් වසම් තුළ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නවුන් විශාල පිරිසක් කොටු වූහ. බස්නාහිර පළාත තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 285 දෙනකු අත්අඩංගුවට ගැනීම මෙම ඒකාබද්ධ මෙහෙයුමට හැකිවිය. ඒ අතරට පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගගන්නා ලද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ සහ ඒවායේ යෙදෙන්නන් 60 දෙනෙක් ඇතුළත් වූහ.

    බස්නාහිර පළාත සහ දකුණු පළාත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ කේන්ද්‍රස්ථාන වූ බැවින් නිලධාරීන්ගේ මූලික ඉලක්කය වූයේ එම පළාත් දෙක තුළ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන ජාවාරම්කරුවන් කෙසේ හෝ අත්අඩංගුවට ගෙන එම පළාත් තුළ මත්ද්‍රව්‍ය ජාලය අඩපණ කර දැමීමය.

    පැය 7ක් තුළ කළ එම මෙහෙයුමෙන් නුගේගොඩ කොට්ඨාසයෙන් සැකකරුවන් 33ක් ද, ගල්කිස්ස කොට්ඨාසයෙන් පුද්ගලයන් 70ක් ද, මීගමුව කොට්ඨාසයෙන් 4ක් ද, ගම්පහ කොට්ඨාසයෙන් 13ක් ද, කොටු කර ගැනීමට නිලධාරීන්ට හැකි විය.

    මත්ද්‍රව්‍ය ජාවාරම ව්‍යාප්තව පැවැතෙන කොළඹ දිසාවට අයත් කොළඹ උතුර කොට්ඨාසයෙන් සැකකරුවන් 24ක්, කොළඹ දකුණෙන් 30ක් සහ කොළඹ මධ්‍යම කොට්ඨාසයෙන් සැකකරුවන් 10ක් ද අත්අඩංගුවට ගැනිණි.

    එමෙන් ම, පානදුර කොට්ඨාසය සහ කළුතර කොට්ඨාසවල හඳුනාගත් ස්ථානවලට කඩාපැන්න නිලධාරීහු පානදුර කොට්ඨාසයෙන් පුද්ගලයන් 12ක් ද, කළුතර කොට්ඨාසයෙන් පුද්ගලයන් 14ක් ද අත්අඩංගුවට ගත්හ.

    රාජ්‍ය බුද්ධි සේවය මෙම සුවිශේෂී මෙහෙයුමට දැක්වූ දායකත්වය අගය කළ යුතු ය.

    සති කිහිපයකට පෙර සිට බස්නාහිර පළාතේ මත්ද්‍රව්‍ය ජාවාරම ව්‍යාප්තව ඇති ස්ථානවල සැරිසරමින් ඔත්තුකරුවන් සහ මත්කුඩු පානය කරන්නන්ගෙන් තොරතුරු ලබා ගනිමින් එම ප්‍රදේශවල ප්‍රාදේශීය මට්ටමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම ඔවුන් නිසියාකාරව ඉටු කර තිබිණි.

    කොළඹ උතුර කොට්ඨාසය, වැල්ලම්පිටිය, මෝදර බබෝවිට, ග්‍රෑන්ඩ්පාස්, දෙමටගොඩ, ගල්කිස්ස ආදී ප්‍රදේශවල ඉකුත් සතියේ බුද්ධි අංශයේ නිලධාරීන් ඒ සඳහා ම ක්‍රියාත්මක වී තිබිණි.

    ඉදිරි කාලය තුළත් මෙවැනි මෙහෙයුම් දියත් කිරීමට සැලසුම් සකස් කර ඇති අතර සමහරක් විට දීපව්‍යාප්තව මෙවැනි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම ද සිදුවනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව අවධාරණය කළේ ය.

    මෙම මෙහෙයුම් මත්ද්‍රව්‍යවලට වඩා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන බව ද හෙතෙම සඳහන් කළේ ය.

    ඊයේ (ජන. 29) අත්අඩංගුවට ගත් සියලු ම සැකකරුවන්ට එරෙහිව නඩු පවරා නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයිද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සඳහන් කළේ ය.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙරොයින්, ගංජා සහ කේරළ ගංජා ව්‍යාපාරයේ යෙදෙන්නන් වීම ද විශේෂත්වයකි. ශ්‍රී ලංකා පොලිසිය සමග යුද්ධ හා ගුවන් හමුදාවන් ද ඊට අමතර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, විශේෂ කාර්ය බළකාය, රාජ්‍ය බුද්ධි සේවය ඒකාබද්ධව මෙම මෙහෙයුම දියත් කළ අතර මහජන ආරක්ෂක අමාත්‍යාංශය මෙම මෙහෙයුම සම්බන්ධීකරණය කර තිබිණි.

    ඉදිරියේදී ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට කිසිදු සමාවක් නොදී ඔවුන් ඉලක්ක කර ගනිමින් මෙවන් මෙහෙයුම් රට පුරා නොකඩවා දියත් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇති අතර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ අධීක්ෂණය සහ මගපෙන්වීම යටතේ මෙම මෙහෙයුම් සිදු කෙරේ. ඒ සඳහා පොලිස්පතිවරයා විසින් සියලු ම පොලිස් නිලධාරීන්ට සහ විශේෂ කාර්ය බළකායට අවශ්‍ය උපදෙස් ලබා දෙනු ලැබ තිබිණි.

    මේ අතර, ඊයේ උදය වරුව තුළ සිදු කළ මෙහෙයුමෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 1කට ආසන්න ප්‍රමාණයක් ද, ගංජා කිලෝග්‍රෑම් 1කට ආසන්න ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

    (කීර්ති මෙන්ඩිස් විසින් මව්බිම වෙනුවෙන් ලියන ලද වාර්ථාවකි)

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version