කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ මෙරට රත්‍රං මිල සුළු වශයෙන් පහල ගොස් ඇති බවයි.
“කැරට් 22″ රන් පවුමක මිල ඊයේ (31) දින දැක්වුණේ රු. 165,600ක් ලෙස උවද අද (1) දින වන විට කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි”කැරට් 22” රන් පවුමක මිල රු. 162,800 ක් දක්වා මිල පහළ ගොස් තිබේ. “කැරට් 24” රන් පවුමක මිලද අද වනවිට රු. 180,000 සිට රු. 177,000 ක් දක්වා පහත බස ඇති බව වාර්තා වේ














































