විදෙස් වාර්තා සදහන් කොට ඇත්තේ කොරියාවේ, චීනයේ, ජපානයේ සහඋතුරු කොරියාවේ දහස් ගණනක පිරිසක් උතුරු කොරියාවේ න්‍යෂ්ටික මිසයිල අත්හදාබැලීම් හේතුවෙන් විකිරණ සඳහා නිරාවරණය වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බවයි.
මෙම ක්‍රියා හේතුවෙන් භූගත ජලය මගින් විකිරණශීලී ද්‍රව්‍ය ජනතාවට නිරාවරණය වියහැකි බව මානව හිමිකම් කණ්ඩායමක් සිදුකළ පර්යේෂණයක සඳහන් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
වසර 11ක් පමණ කාලයක් තුල (2006-2017) උතුරු කොරියාව විසින් රහසිගතව න්‍යෂ්ටික අවි අත්හදාබැලීම් 06ක් සිදුකර ඇති බව වාර්තා වේ.















































