අද (07) උදෑසන වවුනියාවේ ගුඩ්ෂඩ් වීදිය ප්‍රදේශයේ නිවසක එකම පවුලේ සිව් දෙනෙකුගේ මළ සිරුරු සොයා ගත් බව වාර්තා වේ. ඒ අසල්වැසියෙකු විසින් පොලීසියට දුන් තොරතුරකට අනුව මෙලෙස මළ සිරුරු සොයා ගත් බව කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ එකම පවුලේ 41 හැවිරිදි පියා , 36 හැවිරිදි මව සහ අවුරුදු 9 හා අවුරුදු 3 යන වයස්වල පසුවන දරුවන් දෙදෙනා බව වාර්තා කරයි .
පියා සියදිවි හානි කරගෙන ඇති අතර මවගේ මළ සිරුර නිවසේ නිදන කාමරයේ සහ දරුවන්ගේ මළ සිරුරු නිවසේ පුටු දෙකක් මත දක්නට තිබූ බව සදහන් කරයි .
සිද්ධිය සම්බන්ධයෙන් කළ මූලික විමර්ශනවලින් හෙළි වී ඇත්තේ පියා සියදිවි නසා ගෙන ඇති බවයි . නමුත් මෙම මරණයන්ට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සදහන් කරයි.
මෙම මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සහ මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණය අද (07) පැවැත්වීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු වවුනියාව පොලීසිය විසින් සිදු කරන බව වාර්තා වේ .














































