රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය ඇරඹීමෙන් පසු එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් තෙවන වරටත් යුක්‍රේනයේ සංචාරයක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම සංචාරයේදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා යුක්‍රේන ජනාධිපතිවරයා හමු වී එහිදී ධාන්‍ය අපනයන පිළිබදව සාකච්ඡා කෙරුණු අතර කළු මුහුද හරහා ධාන්‍ය අපනයනය කිරීමේ ක්‍රියාවලිය හා ඊට අදාළ ගනුදෙනු යාවත්කාලීන කරන ලෙස ඉල්ලමින් යුක්‍රේන ජනපතිගෙන් ඉල්ලීමක් කළ අවස්ථාවේදී එයට යුක්‍රේන ජනාධිපතිවරයා සිය එකගතාවය පල කල බව වාර්තා වේ. එයට අදහස් දක්වමින් යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ සාගතයෙන් පීඩා විදින ජනතාවට ආහාර ලබා දීම සදහා එය මහගු උපකාරකාරයක් බවයි.















































